(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල් පිටියේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී වාරිපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ දෑතින්ම දඟ පන්දු යවන ඉඳුවර පෙරේරා ලකුණු 12 කට කඩුලු 6 ක් දවාලමින් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වීය.
වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම -43 යි
(ඉඳුවර පෙරේරා 12/6, සවේන් දම්සන 19/2)
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම -කඩුලු 3 ට 52 යි
(සනිතු තිමාන් 23)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.