වෙළෙද සේවා ක්රිකට් සංගමය මෙහෙයවූ වෙළෙ`ද සේවා ‘බී’ කොටසේ ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් යුනිචෙලා පිල සමත් විය. අනු ශූරතාව මාස් ලීනියා ඇක්වා පිලට හිමිවිය.
කොළඹ වෙළෙද සේවා ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී යුනිචෙලා පිල විසින් ලකුණු 52 කින් මාස් ලීනියා ඇක්වා පිල පරාජය කරන ලදී. අවසන් තරගයේ වීරයා ලෙස යුනිචෙලා පිලේ වේග පන්දු යවන ක්රීඩක මධුර ලක්මාල් සම්මාන ලැබීය.
තරගාවලියේ වීරයා ලෙස කවිදු කුලසේකර ද, දක්ෂතම පිතිකරු ලෙස ළහිරු උදාර ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස ප්රභාත් ජයසූරිය ද, සම්මාන ලැබූහ.
යුනිචෙලා පිල ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 230
(ෂෙහාන් ප්රනාන්දු 121, මලිත් සිල්වා 35, චතුර පීරිස් 23, මංගල ප්රදීප් 49/5, නලීන් ප්රියදර්ශන 33/2)
ලීනියා ඇක්වා පිල ඕවර 36.1 කදී සියලූ දෙනා දැවී 178
(පබසර වඩුගේ 45, තික්ෂිල ද සිල්වා 31, සාලක රංගජීව 29, මංගල ප්රදීප් නොදැවී 26, මධුර ලක්මාල් 43/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.