Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළඳ සේවා වි20 ශූරතාව යුනිචෙලා පිලට

වෙළඳ සේවා වි20 ශූරතාව යුනිචෙලා පිලට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිලකරත්න ඩිල්ෂාන්ගේ පිතිහරඹයත් (109) අනුක් ප්‍රනාන්දුගේ පන්දු යැවිමත් හමුවේ (21/4) වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (19 වැනිදා) සමත්විය.

වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඩිමෝ ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 57 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය ඩිමෝ ලංකා කණ්ඩායමට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 206 ක් පමණි.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 13 කදී සිය අර්ධ ශතකය වාර්තා කළ තීක්ෂිල ද සිල්වා ලකුණු 63 ක් රැස්කර සිටියදී ඉෂාර අමරසිංහගේ පන්දුවක් හමුවේ ෆර්වීස් මහරුෆ් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. දැවීයන විට පන්දු 19 කට මුහුණදුන් තීක්ෂිල ද සිල්වා හයේ පහර 7 ක් සහ හතරේ ෆහර 5 කින් සිය ඉනිම සැරසීමට සමත්විය.

තීක්ෂිල ද සිල්වා දැවී යනවිට ලකුණු පුවරුව ඕවර 5.5 කදී කඩුලු 3 කට ලකුණු 103 ක් ලෙස දිස්වුවද ඉතිරි පන්දු 85 තුළදී අනෙක් පිතිකරුවන් හට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 103 ක් පමණි.

හෂාන් දුමිඳු සමගින් වේගවත් ආරම්භයක් ලබාගත් තීක්ෂිල ද සිල්වා පළමු කඩුල්ල සදහා පන්දු 18 කදී ලකුණු 52 ක සම්බන්ධතාවයක් පැවැත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අනුක් ප්‍රනාන්දු ඕවර 4 ක් යවමින් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඩිමෝ ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා මාස් යුනිචෙලා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 263 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

පළමු කඩුල්ල සදහා පන්දු 37 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට තිලකරත්න සම්පත් සහ රමිත රඹුක්වැල්ල සමත්වූහ. තිලකරත්න සම්පත් පන්දු 31 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 55 ක් ද රමිත රඹුක්වැල්ල පන්දු 19 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 40 ක් ද රැස්කිරීමට සමත් වුහ.

අර්ධ ශතකය පන්දු 27 කදීත් ශතකය පන්දු 46 කදීත් රැස්කළ තිලකරත්න ඩිල්ෂාන් දැවී යන විටදී පන්දු 48 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත්විය. මහේල උඩවත්ත සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 39 කදී ලකුණු 89 ක සම්බන්ධතාවයක් පැවැත්වූ තිලකරත්න ඩිල්ෂාන් සිවුවැනි කඩුල්ල සදහා ෆර්විස් මහරුෆ් සමගින්ද පන්දු 23 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

 

මාස් යුනිචෙලා - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 263
(තිලකරත්න ඩිල්ෂාන් 109, තිලකරත්න සම්පත් 55, රමිත රඹුක්වැල්ල 40, මහේල උඩවත්ත 23, ෆර්විස් මහරූෆ් 22, රමේෂ් මෙන්ඩිස් 48/2)

ඩිමෝ ලංකා - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(තීක්ෂිල ද සිල්වා 63, නිසල තාරක 27, ප්‍රමෝද් හෙට්ටිවත්ත 25, කවිශ්ක අංජුල 21, අනුක් ප්‍රනාන්දු 21/4, ෆර්විස් මහරූෆ් 36/2, තිලකරත්න ඩිල්ෂාන් 37/2)

 


අදහස් (0)

වෙළඳ සේවා වි20 ශූරතාව යුනිචෙලා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.