අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ විජය ජාතික පාසල සහ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අතර මාතලේ හින්දු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට විජය ජාතික පාසල සමත් විය.
එහිදී වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමේ නෙතුල් අනුහස් ලකුණු 49 කට කඩුලු 10 ක්ද, මිෂෙල් හේවාජුලිගේ ලකුණු 48 කට කඩුලු 9 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
විජය ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 106
(සෙනුක බින්දුසාර 39, නෙතුල් අනුහස් 23/5, මිෂෙල් හේවාජුලිගේ 26/4)
වේල්ස් කුමර විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 42
(විෂාල් බටකන්දගේ 05/4, රන්දීප කොහොනගේ 16/3, නිවර්තන හේරත් 10/2)
විජය ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී සියලු දෙනා දැවී 60
(සෙනුක බින්දුසාර 38, මිෂෙල් හේවාජුලිගේ 22/5, නෙතුල් අනුහස් 26/5)
වේල්ස් කුමර විදුහල් ‘බී’ පිලේ දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 13
(පසිඳු නිරෝධ නොදැවී 6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.