Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැස්ස හරස්වෙයි

වැස්ස හරස්වෙයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ 'ප‍්‍රිමා' කුසලාන අන්තර් දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කොළඹ උතුර කළාප I කණ්ඩායම සහ කොළඹ උතුර කළාප II කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන්විය. මොරටු විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී තරගය අද (10 වැනිදා) පැවැත්විණ.


මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ උතුර කළාප II කණ්ඩායම  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 195 ක් රැස් කර ගැනීමට සමත්විය.


ලකුණු 196 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ උතුර කළාප I කණ්ඩායමට මුහණදීමට හැක්වූයේ  ඕවර 4.3 ක් පමණි. වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමනවිටදී ඔව්හු කඩුල්ලක් දැවී ලකුණු 39 ක් රැුස් කිරීමට සමත්වූහ.

 

කොළඹ උතුර කළාප II කණ්ඩායම -  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 195
(අක්මාල් මුශාඞ් 40, දිශාර සමින්ද 33, ඉමේෂ් ප‍්‍රනාන්දු 20/2, නීරංග ගමගේ 29/2, දිනෙත් ජයකොඩි 28/2)

කොළඹ උතුර කළාප I කණ්ඩායම -  ඕවර 4.3 කදී කඩුලූ 1 ක් දැවී 39
(නීරංග ගමගේ නොදැවී 30)

 


අදහස් (0)

වැස්ස හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.