රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රිඩා සංකීර්ණයේදී පැවැති 28 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියේ දී ශමිල් වකීල් පිරිමි ශූරතාව දිනාගත්තේය. කසුනි ගුණවර්ධන කාන්තා ශූරතාව දිනාගත්තාය. මෙය වසර 2017 සඳහා වූ ජාතික කනිෂ්ඨ ශූරතාවලියයි.
වයස 19 න් පහළ බාලක අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස (11/3, 11/2, 12/10) දෘවින්ක පෙරේරා පරාජය කරමින් ශමිල් වකීල් ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය. ඔහු පිට පිටම ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2015 සහ 2016 යන වසර වලදීත් එම සම්මානයට හිමිකම් කියා ඇත.
කසුනි ගුණවර්ධන ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් වූයේ වයස 19 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස (8/11, 4/11, 11/4, 11/5, 11/8) සිය සොහොයුරිය වූ සඳුනි ගුණවර්ධන පරාජය කරමිනි. කසුනි ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් වූ පළමු අවස්ථාව මෙයයි.
තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස වයස 15 න් පහළ ශූරතාව දිනාගත් ඒ.අයි.එෆ්. අස්මන් සම්මාන දිනාගත් අතර නැගී එන ක්‍රීඩිකාව ලෙස වයස 15 න් පහළ ශූරතාව සහ වයස 17 න් පහළ අනුශූරතාව දිනාගත් යුරේනි කුරුප්පු සම්මාන දිනාගත්තාය.
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලය සංවිධානය කළ මෙම තරගාවලියට ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ රිට්ස්බරී චොකලට් නිෂ්පාදකයක් වන සිලෝන් බිස්කට් සමාගමයි. තරගාවලි සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි කළමනාකරු නිලුපුල් ද සිල්වා මහතා සහභාගි විය.
බාලක තරග ප්‍රතිඵල
වයස 9 න් පහළ
ශූරතාව - එස්. ඩයස්
අනුශූරතාව - මතීෂ විජේසේකර
වයස 11 න් පහළ
ශූරතාව - හිරුණ කෝරළගේ
අනුශූරතාව - සිතුක නෙත්මිර
වයස 13 න් පහළ
ශූරතාව - ඊ.ඒ.එන්. ලක්මන්
අනුශූරතාව - සෙහාත් පෙරේරා
වයස 15 න් පහළ
ශූරතාව - එම්.අයි.එෆ්. අස්මන්
අනුශූරතාව - ඊ.ඒ.එන්. ලක්මන්
වයස 17 න් පහළ
ශූරතාව - දෘවින්ක පෙරේරා
අනුශූරතාව - හේෂාන් බාලසූරිය
වයස 19 න් පහළ
ශූරතාව - ශමිල් වකීල් `
අනුශූරතාව - දෘවින්ක පෙරේරා
බාලිකා තරග ප්‍රතිඵල
වයස 9 න් පහළ
ශූරතාව - එන්.ඒ. ඩයස්
අනුශූරතාව - ලියාමා රාජපක්ෂ
වයස 11 න් පහළ
ශූරතාව - ආර්.අයි. වුඞ්
අනුශූරතාව - එම්. විරසිංහ
වයස 13 න් පහළ
ශූරතාව - වී.එස්.සී. සිනාලි
අනුශූරතාව - ඒ. පෙරේරා
වයස 15 න් පහළ
ශූරතාව - යුරේනි කුරුප්පු
අනුශූරතාව - වී.එස්.සී. සිනාලි
වයස 17 න් පහළ
ශූරතාව - සමීරා ඩීන්
අනුශූරතාව - යුරේනි කුරුප්පු
වයස 19 න් පහළ
ශූරතාව - කසුනි ගුණවර්ධන
අනුශූරතාව - සඳුනි ගුණවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.