Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වංචා දුෂණ වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

වංචා දුෂණ වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා අමාත්‍යාංශයේ සිදුවී ඇති වංචා සම්බන්ධව කී‍්‍රඩා අමාත්‍යවරයාගේ වාර්තාව හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් ප‍්‍රතිරූප නංවා ගැනීමට කළ කාර්යයක් වටිනා ගතයුතු කිසිවක් ඇති වාර්තාවක් නොවන බවත් ගණකාධිකාරී සංගමය නිවේදකයක් නිකුත් කරමින් දන්වා සිටියි.

කී‍්‍රඩා හා සංචාරක අමාත්‍යංශයේ සිදුවී ඇති වංචා හතක් පිළිබඳව එම වාර්තාවේ කරුණු දක්වා ඇත. එම වාර්තාවේ ඇති සුගතදාස කී‍්‍රඩාංගණය, ජාත්‍යන්තර කි‍්‍රකට්  විකාශන අයිතිය ක්‍ීභ නාලිකාවට පැවරීම, රෙඩෙකෝ ආයතනය සඳහා කොන්ත‍්‍රාත් ලබාදීම, ජාතික කී‍්‍රඩා සංගම් සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම යන කරුණු වංචා සම්බන්ධ වාර්තා පිළියෙල කිරීමට ආරම්භ වීමටත් පෙර විමර්ශනයට භාජනය වෙමින් පැවැති කරුණු බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සඳහන් කරයි.

මෙම වැර්තාවේ කී‍්‍රඩා අමාත්‍යවරයා මැදිහත්වී සොයාගත් කිසිදු මූල්‍ය වංචාවක් ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

කී‍්‍රඩා අමාත්‍යාංශයට අදාල ඉහත දුෂණ හා වංචා පිළිබඳව මුල වරට හෙළි කොට එවකට සිටි අමාත්‍යාංශ ලේකම් වරයාගෙන් විමර්ශනයක් සඳහා ඉල්ලීමක් කරනු ලැබුවේ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරීවරයා බවද කියැවේ.  

මේ ලිපියේ කරුණු පිළිබඳ සංචාරක හා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එම්. අයි. එම්. ෆාරික් මහතා පවසන්නේ තමන්ට ලිපිය ලැබුණූ පසු ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණය කරන බවයි.  

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය කරුණූ දක්වා තිබෙන ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ...

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය කරුණු දක්වා තිබෙන ලිපිය මට ලැබිල නැහැ. එම නිසා ඒ ලිපිය ලැබෙන තෙක් කිසිම ප‍්‍රකාශයක් කළ නොහැකියි.” යැයි පැවසීය.

සංචාරක හා කී‍්‍රඩා අමාත නවීන් දිසානායක මහතා මේවනවිට විසේශගතව දිටින බැවින් මේ පිළිබඳ තොරතුරක් ලබාගත නොහැකි විය.

 


අදහස් (0)

වංචා දුෂණ වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.