Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක සම්මේලනයේ වියදමින් ශ්‍රී ලංකාව ලෝක තරගාවලියට

ලෝක සම්මේලනයේ වියදමින් ශ්‍රී ලංකාව ලෝක තරගාවලියට

editorial - 2025 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රටවල් 24 ක සහභාගිත්වයෙන් සදුදා (13) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වන ලෝක කෝ - කෝ ශූරතා කුසලාන තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකාවට ඒ සදහා අනුග්‍රහය දැක්වීමට ලෝක කෝ - කෝ සම්මේලනය ඉදිරිපත්ව සිටියි.

ජනවාරී 19 වැනිදා දක්වා තරගාවලිය එහිදී පැවැත්වෙන අතර ඊට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනකු හා නිලධාරීන් හය දෙනකු සදහා ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන්, ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සියල්ල ඉන්දියාව මූලස්ථානය කර ගත් ලෝක කෝ - කෝ සම්මේලනය ව්සින් ලබාදීමට එකඟ වී තිබේ. සංචාරක ශ්‍රී ලංකා කෝ - කෝ කබඩි කණ්ඩායම් ඊයේ (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.

 ඒ සදහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනයේ ලේකම් හා මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම්හි ප්‍රධානියා ලෙස කටයුතු කරන අතුල විජේනායක මහතාය. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් නොසලකා හැරීමෙන් පසුව තමන් ලෝක සම්මේලනය දැනුවත් කිරීමෙන් පසුව මෙම අනුග්‍රහය ශ්‍රී ලංකාවට ලැබුණු බව ඔහු පවසයි.

ඉන්දීයාව නිජබිම කර ගත් කෝ - කෝ ක්‍රීඩාව වසර 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙලට හඳුන්වාදීමට ලෝක කෝ - කෝ සම්මේලනය අපේක්ෂාවෙන් පසුවේ.ශ්‍රී ලංකාව ආසියානු කෝ - කෝ කාන්තා හා පිරිමි ඉසව් දෙකේම වත්මන් ලෝකඩ පදක්කම්ලාභියායි.

 


අදහස් (0)

ලෝක සම්මේලනයේ වියදමින් ශ්‍රී ලංකාව ලෝක තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.