Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක තරගාවලියට ජර්මන් යයි

ලෝක තරගාවලියට ජර්මන් යයි

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේ ෂුල් නගරයේ පැවැත්වෙන ඉලක්කයට වෙඩි තැබීමේ කණිෂ්ඨ ලෝක තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සය දෙනෙකුගෙන්  සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බ්‍රහස්පතින්දා (22) රාත්‍රියේ  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම පාසල් සිසුන් වන අතර ක්‍රීඩකයන් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු කණ්ඩායමට අයත්  වෙති. මොවුන් සියලු දෙනාම වයස අවුරුදු 13ත් 16ත් වයසෙහි පසුවන අය වෙති. 


කුරුණෑගල මලියදේව විදුහලේ චන්දු සේනානායක කොළඹින් බැහැර එකම ක්‍රීඩකයා වන අතර ඔහු කුරුණෑගල ඇතුගල වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ  පුහුණුව ලබමින් තම දක්ෂතාවයන් ඔප්නංවාගත් ක්‍රීඩකයෙකි. ඔහු තරුණ වායු රයිපල් වෙඩි තැබීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන ක්‍රීඩකයා වීමද විශේෂයකි.


මීට අමතරව අනීෂ් දඹකොළ, මිදිර පීරිස්, ක්‍රිෂ්නිකා වාසුදේව, ලිමිනි පැස්කුවල්, අමන්දිකා අමරසිංහ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්වේ. 


ලෝක තරුණ ඔලිම්පික් සම්මේලනයේ මෙහෙයවීමෙන් ජර්මනියේ ෂුල් නුවරදී 22 වන දින සිට 30 වන දින දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශය අනුග්‍රහය ලබා  දී ඇත. 


ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩිකාවක සේම පළපුරුදු පුහුණුකාරිනියක වන කුරුණෑගල ඉඳුනිල් පුස්සැල්ල මහත්මිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන අතර, ජාතික  වෙඩි තැබීමේ සම්මේලනයේ ලේකම් ප්‍රදීප් එදිරිසිංහ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

 


අදහස් (0)

ලෝක තරගාවලියට ජර්මන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.