රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 දෙනකු සහභාගි වන ලෝක ආරක්‍ෂක සේවා ගෝල්ෆ් තරගාවලිය ඉරිදා (12) ත්‍රිකුණාමල චීන වරායේ ගුවන් හමුදා ගෝල්ෆ් පිටියේදී ආරම්භ වේ. එම තරගාවලිය මෙම 17 වැනිදා දක්වා එහිදී පැවැත්වීමට නියමිතය.
ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා සභාව (කවුන්සිලය) මෙහෙයවන ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඉසව් 24න් එක් ඉසව්වක් වන ගෝල්ෆ් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම විශේෂ සිදුවීමක් වන්නේ ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලට අයත් ක්‍රීඩා ඉසව්වක තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව එය වීම බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.
ලෝක ආරක්‍ෂක සේවා ගෝල්ෆ් තරගාවලිය 11 වැනි වරටත් සංවිධානය කිරීමේදී සත්කාරය දරන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයයි.
මෙම ලෝක ආරක්‍ෂක සේවා ගෝල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද, ගුවන්, නාවික හමුදා ක්‍රීඩකයන් හය දෙනෙකු හා ගුවන් හමුදා හා යුද හමුදා ක්‍රීඩිකාවන් තිදෙනෙකු තරග වැදීමට නියමිතය.
තරගාවලියේ සමාප්ත උත්සවය නොවැම්බර් 17වැනිදා පස්වරුවේ දී පැවැත්වේ. මෙවර ශ්‍රී ලංකාව තරගාවලියේ සත්කාරය දැරීමේදී එහි ප්‍රධාන සංවිධායක ලෙස ආරක්‍ෂක සේවා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හා ප්‍රධාන උප සංවිධායක ලෙස ගුවන් හමුදා අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එස්.කේ. පතිරණ යන මහත්වරුන් කටයුතු කරති.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ලෝක ආරක්‍ෂක සේවා සභාවේ ප්‍රධාන ලේකම් කර්නල් ඩොරා මටීකි කොයිවා මහතා සහභාගිවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.