අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ලොයෙලා විදුහල සහ කොට්ටාව ආනන්ද විදුහල අතර ගොඩිගමුවේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලොයෙලා විදුහල සමත් විය.
එහිදී ලොයෙලා විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ කවිඳු කවීෂ ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගත් අතර එම විදුහලේම ස්ටීවන් ප්‍රනාන්දුපුල්ලේ (64) අර්ධ ශතකයක් ලබාගත්තේය.
ලොයෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 47.4 කදී කඩුලු 6 ක් දැවී 174
(ස්ටීවන් ප්‍රනාන්දුපුල්ලේ 64, හංසජ විෂ්වජිත් 47, සමීන් නෝනිස් 24)
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 66
(කවිඳු කවීෂ 21/5, මෙත්ම හිමරංග 10/2, හංසජ විෂ්වජිත් 18/2)
ලොයෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 2 ක් දැවී 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.