Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලේකම්වරියන්ට නියමිත රාජකාරි පවරා ඇත

ලේකම්වරියන්ට නියමිත රාජකාරි පවරා ඇත

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වරියනට අදාල රාජකාරි ප්‍රමාණය සමග රැකියා විස්තර සටහන් අනුව ඔවුන්ට රාජකාරි පවරා තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රවාහයට ඔවුන් සාධනීය රාජකාරි ප්‍රමාණයක් ඉටුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

"ක්‍රිකට් ආයතනයේ ලේකම් වරියගෙන් ක්‍රිකට් කණ්ඩායමක්" යනුවෙන් පසුගියදා අද පුවතපතේ පලවූ ලිපියට පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා සඳහන් කරයි . එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් 10 දෙනෙක් සිටින බවත් ඔවුන් සියලු දෙනා ආයතනයේ ප්‍රධාන අංශවල ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සඳහා සේවයේ යොදවා තිබෙන බවත් ඔවුන්ට ගෙවනු ලබන්නේ වෙළඳපොළ සම්මත වැටුප් ප්‍රමාණයක් බවත් ඒ මහතා පවසයි.

"රාජකාරි ස්වභාවය අනුව සම්බන්ධීකරණ කටයුතු පැවරී ඇති ලේකම්වරියගේ පමණක් සන්ධ්‍යා මාධ්‍ය හමුවට සහභාගී වන අතර, එසේ සහභාගී වීමේදී රාජකාරි ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ. කිසිම ලේකම්වරියක රාජකාරි වශයෙන් යොදවා නොමැතිනම් මෙවැනි අවස්ථා වලට සහභාගි වීමට අවස්ථාවක් ලබා නොදෙන බව අවධාරණය කරමු. තවද සියලු ලේකම්වරියන් ආයතනික සේවකයන් වන අතර ඒ ඒ අවශ්‍යතා මත නිසි ඇගැයීමක් සහ අනුමැතියක් සහිත ඔවුන්ගේ රාජකාරි වේලාවන් සහ ක්‍රියාකාරකම් ආයතනය විසින් පාලනය කර ඇති අතර එය මානව සම්පත් කළමනාකරණයට අනුකූලව ආයතනික අයිතියක්" යනුවෙන්ද ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

 


අදහස් (0)

ලේකම්වරියන්ට නියමිත රාජකාරි පවරා ඇත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.