බංග්ලාදේශයේ පසුගිය වසරේදී පැවැති බංග්ලාදේශ වි:20 තරගාවලියේදී බුකි කරුවකු තමන් හා සම්බන්ධවීමේ උත්සාහයක් ගත් නමුත් තමන් ඒ බව අදාළ බලධාරීන්ට දැන්වීමට කටයුතු නොකළ බව නවසීලන්ත පිලේ හිටපු පිතිකරු ලූ වින්සන්ට් පිළිගනී. කෙසේ වෙතත් අදාළ බුකි කරුවා හා සම්බන්ධ වෙමින් තමන් කිසිදු වැරදි කි‍්‍රයාමාර්ගයකට උත්සාහ නොකළ බවද වින්සන්ට් අවධාරණය කරයි.
”මා හා සම්බන්ධවීමට ඔහු ගත් උත්සාහය මා එතැනින්ම නතර කර දැම්මා.” යයි වින්සන්ට් පවසයි. 35 හැවිරිදි ලූ වින්සන්ට් ටෙස්ට් තරග 23 කට සහ එක්දින තරග 102 කට කී‍්‍රඩා කර ඇති පළපුරුදු කී‍්‍රඩකයෙකි.
බංග්ලාදේශ වි:20 තරගාවලියට සහභාගි වූ ඩකා ග්ලැඩියේටර්ස් පිලේ කළමණාකරණ අධක්‍ෂක ෂිහාබ් චෞද්රි තරග පාවාදීම සම්බන්ධයෙන් වරදකරු වී ඇතැයි බංග්ලාදේශයේ ¥ෂණ මර්ධන කමිටුවේ සාමාජිකයකු වන ශකීල් කාසිම් පැවසීය.
තවත් කී‍්‍රඩකයන් දෙදෙනකු වන කෞෂාල් ලොකුආරච්චි සහ බංග්ලාදේශ පිලේ හිටපු නායක මොහොමඞ් අශ්රාෆුල්ද මේ සමබන්ධයෙන් වරදකරුවන් වී ඇතැයිද කාසිම් කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.