කොළඹ ලූම්බිණි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර පළමු මහ ක‍්‍රිකට් තරගය කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී මේ මස 27 සහ 28 දෙදින පැවැත්වේ. ලූම්බිණි විදුහල් පිලේ නායකයා ලෙස තරුෂාන් ඉද්දමල්ගොඩ ද, ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිලේ නායකයා ලෙස විනෝජ් ශ්‍රීවින්ද ද, කටයුතු කරති.
ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිල මෙම තරග වාරයේ තරග 14 කට ක‍්‍රීඩා කර පූර්ණ ජයග‍්‍රහණ තුනක් ලබා තරග හතරක් පරාජයට පත්ව තිබේ.
මෙවර බණ්ඩාරනායක විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා ලෙස හැදින්විය හැකි තුන් ඉරියව් ක‍්‍රීඩක රත්සර විතාන පිතිකරුවකු ලෙස ලකුණු 547 ක් රැස්කළ අතර දකුණතින් පා දඟ පන්දු යවමින් කඩුලූ 57 ක් දවා ගැනීමට ද සමත්ව සිටියි.
වගීෂ වන්නිආරච්චි මෙම තරග වාරයේ ලකුණු 584 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. සසිරි සුභාෂණ (560) සහ නායක විනෝජ් ශ්‍රීවින්ද (477) බණ්ඩාරනායක විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබලයෝ වෙති. භාතිය හෙට්ටිආරච්චි (31) සහ හිමත් ජයවීර (30) මෙම තරග වාරයේ කඩුලූ අතර සිටීම ලූම්බිණි විදුහල් පිතිකරුවන්ට අභියෝගයක් වීමට ඉඩ තිබේ. ලූම්බිණි විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී පූර්ණ ජයග‍්‍රහණ 8 ක් ලබා සෙසු තරග විසදුමකින් තොරව අවසන් කර තිබේ.
ලූම්බිණි විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක තනුක දාබරේ හැදින්විය හැකිය. තනුක මෙම තරග වාරයේදී ලකුණු 798 ක් රැස්කරමින් කඩුලූ 31 ක් ද, දවාගෙන තිබේ.
තුන් ඉරියව් ක‍්‍රීඩක නායක තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 514 ක් රැස්කරමින් කඩුලූ 16 ක් ද දවා ගැනීමට සමත්ව සිටියි. ලූම්බිණි විදුහල් පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නා වන චානක දේවින්ද මෙම තරග වාරයේ කඩුලූ 83 ක් දවා ගැනීමට සමත් විය. කඩුලූ රකින ක‍්‍රීඩක අංජන කළුආරච්චි, මොහොමඞ් අක්රම්, ජනිත් ඩයස්, රවිඳු සංජීව, රන්දිම ලක්‍ෂාන් සහ විමුක්ති කුලතුංග මෙම තරග වාරයේ දස්කම් දැක්වූ සෙසු ලූම්බිණි ක‍්‍රීඩකයෝ වෙති.
ගම්පහ බණ්ඩාරනායක විදුහල
කොළඹ ලූම්බිණි විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.