Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලූකස් නවසීලන්තයේදී පදක්කම් 4 ක් දිනයි

ලූකස් නවසීලන්තයේදී පදක්කම් 4 ක් දිනයි

ශනුක අරවින්ද - 2017 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ වන්ගනිහිදී පැවැති නවසීලන්ත ප්‍රවීණයන්ගේ මේසපන්දු තරගාවලියේදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට හිටපු ශ්‍රී ලංකා ජාතික මේසපන්දු ශූරයකු වන නිමල් ලූකස් මහතා සමත් විය.

වයස 65 න් ඉහළ කේවල සහ යුගළ ඉසව් වලදී රිදී පදක්කම් දිනාගත් ලූකස් මහතා, වයස 70 න් ඉහළ කේවල සහ යුගළ ඉසව් වලදී ලෝකඩ පදක්කම් දිනාගත්තේය.

මෙම තරගාවලියට සහභාගි වූ එකම ශ්‍රී ලංකිකයා ලූකස් මහතා වූ බැවින් ඔහු සහභාගි වූ යුගළ තරග වලදී ඔහුගේ සහාය ක්‍රීඩකයන් ලෙස නවසීලන්ත ක්‍රීඩකයෝ කටයුතු කළහ.

-036

 


අදහස් (0)

ලූකස් නවසීලන්තයේදී පදක්කම් 4 ක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.