ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහා ගෙවීමේ පහසුකම් මත පරිගණක ලබා දීම අද (20දා) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී ආරම්භ කෙරිණ. මේ වන විට වෘත්තීය මට්ටමට පැමිණ ඇති කි‍්‍රකට් ලකුණු සටහන් කිරීම ඉතා නුදුරේදීම පරිගණක ඇසුරින් කෙරෙන බවත් ඒ සඳහා ලකුණු සටහන් කරුවන් සූදානම් කිරීමේ අරමුණ ඇතිව ගෙවීමේ ක‍්‍රමයට පරිගනක මිලදී ගැනීමේ අවස්ථාව ඔවුන්ට සලසා දී ඇති බවත් ලකුණු සටහන් කරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි ලේකම් නිශාන්ත රණතුංග, ක‍්‍රිකට් මෙහෙයුම් නිලධාරී කාල්ටන් බර්නාඩස්, ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, තරග සහ විනිසුරු කමිටු කළමනාකරු චන්දිම මාපටුන යන මහත්වරුන් සමග විනිසුරු (උසස් පුහුණුකිරීම්) කලමනාකරු ටී. එච්. විජේවර්ධන, ලකුණු සටහන් කරුවන්ගේ සංගමයේ සභාපති චමින්ද ද සිල්වා සහ ප‍්‍රධාන ලේකම් ජගත් පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුද සහභාගී වූහ.
අබාන්ස් ආයතනයේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන් 28 දෙනකුට පහසු ගෙවීමේ පදනම මත පරිගණක ලබා දුන් අතර මෙහි දෙවැනි අදියර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.