ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වයස් කාණ්ඩ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන රෝයි ඩයස් මහතා සෙසු පිතිකරු පුහුණුකරුවන්ගේ උපදේශකවරයා ලෙස ද කටයුතු කරයි.
රෝයි ඩයස් මහතා ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට එම තනතුරේ කටයුතු කිරීමට නියමිතය. කොළඹ මේට්ලන්ඞ් පෙදෙස ක‍්‍රිකට් මූලස්ථානයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණ ගනු ලැබ තිබිණ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.