අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භවූ තරගය පළමු දිනට අවසන් කරන විට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 344 ක් රැස්කර සිටියේය.
දිනය නිමාවනවිට පන්දුවට පහරදෙමින් සිටි රොෂේන් සිල්වා ලකුණු 100 ක් රැස්කර සිටි අතර ධම්මික ප්‍රසාද් ලකුණු 3 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 165 කට මුහුණදී සිටින රෝෂේන් සිල්වාගේ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය.
ශතකයට ලකුණු 10 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් ශතකය අහිමිකරගත් දසුන් ශානක පන්දු 145 කට මුහුණදුන් අතර එක් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
තෙවැනි කඩුල්ල සදහා සධීර සමරවික්‍රම සහ මලින්ද වර්ණපුර ලකුණු 103 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර පස්වැනි කඩුල්ල සදහා ලකුණු 167 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට රොෂේන් සිල්වා සහ දසුන් ශානක සමත්වූහ.
චරිත් අසලංක, ළහිරු සමරකෝන් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 344
(මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා නොදැවී 100, දසුන් ශානක 90, චරිත් අසලංක 17/2, ළහිරු සමරකෝන් 81/2, ප්‍රභාත් ජයසූරිය 89/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.