Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුක්මාල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

රුක්මාල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පංතිය යටතේ අද (2 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කෙන්යාවේ ශාෆී බකාරි පරාජය කළ ශ්‍රී ලංකාවේ රුක්මාල් ප්‍රසන්න එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ වට 3 අවසානයේ විනිසුරු තීරණ 3-2 කින් ජය ලැබීමට රුක්මාල් සමත් විය. පළමු වටය අවසානයේ ප්‍රතිවාදියාට වඩා එක් ලකුණකින් ඉදිරියෙන් සිටි රුක්මාල්, දෙවැනි වටයේදී ප්‍රතිවාදියාට වඩා ලකුණු 3 ක් පසුපසින් සිටියේය.
 
ඒ අනුව පළමු සහ දෙවැනි වටවල ලකුණු එකතුව අනුව තෙවැනි වටය ආරම්භ කරන විට කෙන්යානු ක්‍රීඩකයාට වඩා ලකුණු 2 ක් පසුපසින් සිටි රුක්මාල්, තෙවැනි වටයේදී ලකුණු 5 ක වාසියක් ලබාගත්තේය. ඒ අනුව වට 3 අවසානයේ ලකුණු 3 කින් සිය ප්‍රතිවාදියා පරාජය කිරීමට රුක්මාල් සමත් විය.

කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ රුක්මාල් සහභාගිවන තරගය ගයානාවේ ඒබ්‍රහැම් මෙන්සාට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (4 වැනිදා) රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතය.

 


අදහස් (0)

රුක්මාල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.