Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජ්‍ය සේවා තරග 16-17

රාජ්‍ය සේවා තරග 16-17

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලිය මේ මස 16 සහ 17 යන දිනවලදී බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලියේදී විවෘත කාන්තා ‘ඒ’, විවෘත කාන්තා ‘බී’, ආධුනික කාන්තා, කාන්තා/පිරිමි මිශ්‍ර, වයස 40 ට වැඩි කාන්තා සහ පිරිමි ලෙස කාණ්ඩ 6 ක් යටතේ තරග පැවැත්වේ.


එහිදී එක් කාණ්ඩයකට සහභාගි වන එක් කණ්ඩායමක් රුපියල් 1000 ක අයැදුම්පත් ගාස්තුවක් ගෙවිය යුතු අතර එම මුදල රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ හැටන් නැෂනල් බැංකු ගිණුමට (104010002466) බැර කර එහි පිටපතක් අයැදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.


තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු 0112513012 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයෙන් හෝ 0714393136 දුරකථන අංකය ඔස්සේ දැල්පන්දු ලේකම් දර්ශනී කොඩිකාර මෙනවියගෙන් ලබාගත හැකිය.


-036

 


අදහස් (0)

රාජ්‍ය සේවා තරග 16-17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.