ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ෂේක් ශයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (18) පැවැති සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර දිනයේ දෙවැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 4 ක ජයක් ලැබීය.
රාජස්ථාන් පිතිකරුවෝ ලකුණු 134 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.3 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
අජින්යා රහනේ පන්දු 53 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.
හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශීකර් දාවන් පන්දු 34 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38 ක් රැස් කළේය.
රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් කාසියේ වාසිය ලබා හයිද්‍රාබාද් පිලට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 133 (ශීකර් දාවන් 38, ඬේවිඞ් වෝනර් 35, ලොකේෂ් රාහුල් 20, වෙන්ගෝපල් රා ඕ නොදැවී 16, දාවල් කුල්කරනි 23/2, කේන් රිචඞ්සන් 25/2, රජාට් භාටියා 22/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.3 කදී කඩුලූ 6 ක් දැවී 135 (අජින්යා රහනේ 59, ස්ටුවට් බෙනී නොදැවී 48, ඬේන් ස්ටෙයින් 29/2, අමිට් මිෂ්රා 26/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.