Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජන්ස් සත් සාමාජික තරග 11-12

රාජන්ස් සත් සාමාජික තරග 11-12

Nisanka Sandeepani - 2017 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආදී ධර්මරාජ විද්‍යාලයීය හොකී සංගමය විසින් විදුහලේ 130 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් සත් සාමාජික හොකී තරගාවලිය නොවැම්බර් 11 සහ 12 දෙදින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 16ක් තරග වදිති. 

ප්‍රථම වටයේදී කණ්ඩායම් 4 බැගින් වෙන් කර ලීග් පදනම මත තරග පැවැත්වේ. දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය අනුව කුසලාන ශූරතාව, පළඟ ශූරතාව සහ බඳුන ශූරතාව ලෙස ශූරතා පිරිනැමේ.

ශ්‍රී ලංකික පාසල් හොකී ක්‍රීඩාවට නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් විනිසුරු තීරණ නැවත විමසීමමේ ක්‍රමවේදය යොදාගනිමින් මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කෙරේ. තරගාවලිය සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සපයයි. පියෝ ටීවී වැනල් අංක 20 ඔස්සේ තරගාවලිය සජීවි ලෙස නැරඹීමේ අවස්ථාව ද හොකී ලෝලීන්ට ලැබෙනු ඇත. 

 


අදහස් (0)

රාජන්ස් සත් සාමාජික තරග 11-12

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.