ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය, ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කළ සමස්ථ ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමෙන ‘ස්ටබ්ස් පළිහ’ දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමින් රාජකීය විදුහල මෙවර ස්ටබ්ස් පළිහට හිමිකම් කී අතර රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කීවේය.
කනිෂ්ඨ (අවුරුදු 15 ත් 16 ත් අතර) සහ ජ්‍යෙෂ්ඨ (අවුරුදු 17 ත් 18 ත් අතර) ලෙස කාණ්ඩ 2 යටතේ පැවැති මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි වූයේ රන් පදක්කම් 3 ක් දිනාගත් පිළිමතලාව ධීරානන්ද විදුහලටය.
කනිෂ්ඨ කණ්ඩයේ බැන්ටම් (කි. ග්‍රෑ. 52-56) බර පංතියෙන් තරග වැදුණ රාජකීය විදුහලේ වී. නෙරංජන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කනිෂ්ඨ කණ්ඩයේම ලයිට් ෆ්ලයි (කි. ග්‍රෑ. 46-49) බර පංතියෙන් තරග වැදුණ කඩුගන්නාව ජාතක පාසලේ එස්. බණ්ඩාර තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය.
කොළඹ රාජකීය විදුහල් බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් රැසක් සහභාගී වූහ.
තරගාවලියේ ප්‍රතිඵල සටහන
කනිෂ්ඨ කාණ්ඩය (අවු. 15-16)
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පන්තිය
එන්. ජිනදාස (පිළිමතලාව ධීරානන්ද විදුහල) විසින් එස්. බණ්ඩාර (කඩුගන්නාව ජාතක පාසල) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පන්තිය
ඒ. අහමඞ් (කොළඹ රාජකීය විදුහල) විසින් පී. ඉරෝෂන් (හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පන්තිය
වී. නෙරංජන් (කොළඹ රාජකීය විදුහල) විසින් ඩී. ජයරත්න (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පන්තිය
ඩී. රණතුංග (මහනවර විද්‍යාර්ථ විදුහල) විසින් ආර්. නයනානන්ද (කඩුගන්නාව ජාතික පාසල) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පන්තිය
ඩී. හෙට්ටිආරච්චි (මහනවර විද්‍යාර්ථ විදුහල) විසින් විෂ්ණු පුෂ්පරාජ් (යාපනය මධ්‍ය විදුහල) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ජී. ඩිල්ෂාන් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) විසින් පී. සමරසිංහ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
පී. සුධම්ම (හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය) විසින් බී. ජයරත්න (මහනවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
එම්. හිදුරංගල (කොළඹ මහානාම විදුහල) විසින් බී. ගමගේ (කොළඹ ශාන්ත ජෝශප් විදුහල) පරාජය කරන ලදි.
ජ්‍යෙෂ්ඨ කාණ්ඩය (අවු. 17-18)
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පන්තිය
එස්. බණ්ඩාර (පිළිමතලාව ධීරානන්ද විදුහල) විසින් එල්. බණ්ඩාර (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පන්තිය
ජේ. කුමාර (හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය) විසින් එස්. හිමන්ජිත් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පන්තිය
වී. හෙට්ටිආරච්චි (කොළඹ රාජකීය විදුහල) විසින් ටී. රෂ්මික (හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පන්තිය
එල්. ලක්තිළිණ (හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය) විසින් එම්. ආසින් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පන්තිය
එම්. කුලරත්න (පිළිමතලාව ධීරානන්ද විදුහල) විසින් වී. ආටිගල (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එම්. සුභසිංහ (පිළිමතලාව ධීරානන්ද විදුහල) විසින් ඩී. මධුෂංක (ස්වර්ණජෝති ජාතික පාසල) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
පී. සමරසිංහ (කොළඹ රාජකීය විදුහල) විසින් එස්. රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.