Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ මුල් ඉනිම ජයගනිති

රාජකීයයෝ මුල් ඉනිම ජයගනිති

Nisanka Sandeepani - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය. 

එහිදී දසිස් මංචනායක (70) සහ තෙවිඳු හංසජ (57) රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම කනික දයාරත්න ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 265 
(දසිස් මංචනායක 70, තෙවිඳු හංසජ 57, උවිඳු වීරසේකර 46, නිතිල් පනාපිටිය 42, රෙසඳු තිලකරත්න 23, දිනුත් කාවින්ද 69/2) 

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 94 
(හරිත් හර්ෂණ 21, කනික දයාරත්න 28/5, කේෂර කප්පගොඩ 22/2) 

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 10 දී කිසිවකු නොදැවී 66 
(කේෂර කප්පගොඩ නොදැවී 40, සිනෙත් ජයවර්ධන නොදැවී 20) 

 


අදහස් (0)

රාජකීයයෝ මුල් ඉනිම ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.