කොළඹ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති 25 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ වයස 19 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට ඞී. එස්. සේනානායක විදුහලේ රවිඳු ලක්සිරි සහ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණි සමත්වූහ.
වයස 19 න් පහළ අවසන් තරගයේදී තරග වට 3-0 ක් ලෙස එම්. ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි එම ශූරතාව දිනාගත්තේය. එම්. ශමිල් වකීල්, වයස 17 න් පහළ ශුරතාව දිනාගත් කී‍්‍රඩකයාය.
වයස 17 න් පහළ අවසන් තරගයේදී තරග වට 3-0 ක් ලෙස ෆාතිමා ඉසඞීන් පරාජය කළ මිහිලියා මෙත්සරණි, වයස 19 න් පහළ අවසන් තරගයේදී තරග වට 3-0 ක් ලෙස නදුනි ගුණවර්ධන පරාජය කරමින් ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවාය.
සිලෝන් බිස්කට් සමාගමේ අනුග‍්‍රහය යටතේ දින අටක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 300 ක් පමණ සහභාගී වූහ.
බාලක තරග ප‍්‍රතිඵල
එස්. ඞී. ඩයස් විසින් තරග වට 3-0 ක් ලෙස ප‍්‍රමුදිත තලගල පරාජය කරන ලදි. (11/3, 11/0, 11/4)
තිනුර රන්දිම විසින් තරග වට 3-0 ක් ලෙස ඊ. ඒ. නවිඳු ලක්ෂිත පරාජය කරන ලදි. (13/11, 11/8, 11/9)
අයි. කේ අෂ්වින් විසින් තරග වට 3-1 ක් ලෙස මෙත්මාල් වුඞ් පරාජය කරන ලදි. (11/5, 11/5, 13/11, 11/9)
දෘවින්ක පෙරේරා විසින් තරග වට 3-0 ක් ලෙස ඔසඳ නිලක්ෂණ පරාජය කරන ලදි. (11/2, 11/4, 12/10)
එම්. ශමිල් වකීල් විසින් තරග වට 3-0 ක් ලෙස දෘවින්ක පෙරේරා පරාජය කරන ලදි. (11/5, 11/6, 11/7)
රවිඳු ලක්සිරි විසින් තරග වට 3-0 ක් ලෙස එම්. ශමිල් වකීල් පරාජය කරන ලදි. (11/7, 11/4, 11/6)
බාලක තරග ප‍්‍රතිඵල
චනිත්මා සිනාලි විසින් තරග වට 3-0 ක් ලෙස ඒ. එන්. මෙන්ඩිස් පරාජය කරන ලදි. (11/0, 11/2, 11/3)
චනිත්මා සිනාලි විසින් තරග වට 3-1 ක් ලෙස යෙහානි කුරුප්පු පරාජය කරන ලදි. (7/11, 6/11, 11/9, 11/8, 11/4)
සමීරා ඞීන් විසින් තරග වට 3-0 ක් ලෙස දෙව්මිණි ගාල්ලගේ පරාජය කරන ලදි. (11/5, 11/3, 11/5)
කසුනි ගුණවර්ධන විසින් තරග වට 3-0 ක් ලෙස සමීරා ඞීන් පරාජය කරන ලදි. (11/2, 11/0, 11/6)
මිහිලියා මෙත්සරණි විසින් තරග වට 3-0 ක් ලෙස ෆාතිමා ඉසඞීන් පරාජය කරන ලදි. (11/6, 11/3, 11/5)
මිහිලියා මෙත්සරණි විසින් තරග වට 3-0 ක් ලෙස නදුනි ගුණවර්ධන පරාජය කරන ලදි. (11/5, 11/4, 13/11)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.