රමිත් රඹුක්වැල්ලගේ (105) විශිෂ්ට පිතිහරඹය හමුවේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය.
පී. සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී ටීජේ ලංකා කණ්ඩායම එරෙහිව ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ රමිත් රඹුක්වැල්ල පන්දු 52 කදී හයේ පහර 11 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.
පස්වැනි කඩුල්ල සදහා පන්දු 46 කදී ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහේල උඩවත්ත සහ රමිත් රඹුක්වැල්ල සමත්වූහ.
ෆර්විස් මහරූෆ් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගත් අතර තිලකරත්න ඩිල්ශාන් සහ ඉශාර අමරසිංහ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
මාස් යුනිචෙලා - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 208
(රමිත් රඹුක්වැල්ල 105, මහේල උඩවත්ත 36, නුවන් ප්‍රදීප් 38/2, දම්මික ප්‍රසාද් 44/2, කසුන් මදුශංක 48/2)
ටීජේ ලංකා - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(චරිත් අසලංක 40, ශාලික කරුණානායක 26, මිනේද් භානුක 23, ෆර්විස් මහරූෆ් 17/3, අසිත ප්‍රනාන්දු 37/3, තිලකරත්න ඩිල්ශාන් 17/2, ඉශාර අමරසිංහ 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.