වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (15 වැනිදා) සමත්විය.
වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සම්පත් බැංකු කණ්ඩායම එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය.
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ රමිත රඹුක්වැල්ල පන්දු 37 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කරමින් මාස් යුනිචෙලා පිලේ ජයග්‍රහණය ඉක්මන් කිරීමට සමත්විය.
ෆර්වීස් මහරූෆ් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 131 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද රමිත රඹුක්වැල්ල සමත්විය.
සම්පත් බැංකුව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 139
(හසන්ත ප්‍රනාන්දු 53, දිනුක් වික්‍රමනායක 30, දුමිදු තිලකරත්න 2242, ඉශාර අමරසිංහ 26/2, ෆර්විස් මහරූෆ් 33/2)
මාස් යුනිචෙලා - ඕවර 8.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 140
(රමිත රඹුක්වැල්ල නොදැවී 97, ෆර්වීස් මහරූෆ් නොදැවී 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.