Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තුන්වැනි දිනය (31 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 22 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියේය. රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් සමග ඒ වන විට ඔවුන් ලබා සිටි මුළු පදක්කම් සංඛ්‍යාව 52 කි.

රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා සිටින සත්කාරක එංගලන්තය තුන්වැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. එහි තුන්වැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා සිටින නවසීලන්තයයි.

දෙවැනි දිනයේදී බර ඉසිලීමේ ඉසව්වකින් ‍ලෝකඩ පදක්කමක් දිනාගනිමින් පදක්කම් සටහනට එක්වූ ශ්‍රී ලංකාව, මේ වන විට එහි 23 වැනි ස්ථානයේ පසුවේ. කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග වැදුණ ඩිලංක ඉසුරු කුමාර ශ්‍රි ලංකාවට එම ලෝකඩ පදක්කම දිනා දුන්නේය.

-036 


අදහස් (0)

ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.