‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 13 වැනි සතිය නිමාවන විට නැවතත් වරක් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණ සමත්වී ඇත. පසුගිය සතියේ ලබාගත් ඡන්ද 5474 ත් සමගින් මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 32514 ක් වී තිබේ.
ඉකුත් සතියේදී එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ පසුපසට ඇද දමමින් රන්දේව් නැවතත් පළමු ස්ථානය තහවුරුකර ගැනීමට සමත්වී තිබේ. ලහිරු වික‍්‍රමසිංහට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 3753 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 31,394 ක් දක්වා වර්ධනය වී තිබේ.
පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 7956 ක් සහ 3100 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැවි ස්ථාන වල රැදීසිටිති.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 129 ත් සමග ඡන්ද 2373 ලබා සිටියි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 1928 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහුට ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 37 ක් පමණි.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 609 ත් සමග ඡන්ද 13,000 සීමාව පසුකර පසුකරයෑමට සමත්වී තිබේ. මේ වනවිට මුලූ ඡන්ද 13362 කට හිමිකම් කීමට රොමේෂ් මධුෂාන් සමත්ව සිටියි.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චිට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 4 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 4605 ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
|
කී‍්‍රඩකයා |
පාසල |
ඡන්ද |
|
රන්දේව් පතිරණ |
කොළඹ රාජකීය විදුහල |
32514 |
|
ලහිරු වික‍්‍රමසිංහ |
කඳාන ද මැසිනොද් විදුහල |
31394 |
|
අකිල ලක්ෂාන් |
පානදුර රාජකීය විදුහල |
7956 |
|
රවීන් සේයර් |
මහනුවර ති‍්‍රත්ව විදුහල |
3100 |
|
පි‍්‍රයමාල් පෙරේරා |
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල |
2665 |
|
නිමේෂ් ගුණසිංහ |
කටුගස්තොට ශා. අන්තෝනි විදුහල |
2600 |
|
ඒ. කේ. ටිරෝන් |
ගාල්ල රිච්මන්ඞ් විදුහල |
2586 |
|
කුසල් මෙන්ඩිස් |
මොරටුව වේල්ස්කුමර විදුහල |
2068 |
|
මධුෂාන් චමීර |
කොළඹ ඉසිපතන විදුහල |
2057 |
|
යශාන් සමරසිංහ |
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල |
1864 |
|
සදීර සමරවික‍්‍රම |
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල |
1794 |
|
මින්හාජ් ජලීල් |
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල |
1382 |
|
තිමිල විද්‍යාසේකර |
කොළඹ සහිරා විදුහල |
1295 |
|
ශෙහාන් වීරසිංහ |
කොළඹ තර්ස්ටන් විදුහල |
920 |
|
සල්මන් ෆසීල් |
කොළඹ සහිරා විදුහල |
669 |
|
චතුරංග රාජපක්ෂ |
මීගමුව මාරිස්ටෙලා විදුහල |
633 |
|
දිනෙත් ලංකා |
මහනුවර ධර්මරාජ විදුහල |
592 |
නැගීඑන පාසල් කාණ්ඩය
|
කී‍්‍රඩකයා |
පාසල |
ඡන්ද |
|
ධනුෂ්ක ළහිරු |
ගාල්ල විද්‍යාලෝක විදුහල |
2373 |
|
ළහිරු විමුක්ති |
පානදුර ශී‍්‍ර සුමංගල විදුහල |
1928 |
|
කළණ හසරංග |
මාතර රාහුල විදුහල |
576 |
|
හර්ෂ රාජපක්ෂ |
මාතර රාහුල විදුහල |
503 |
|
ලසිත ලක්ෂාන් |
මාතර ශාන්ත තෝමස් විදුහල |
319 |
|
සචින් ජයකොඩි |
වත්තල ශාන්ත අන්තෝනි විදුහල |
140 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
|
කී‍්‍රඩකයා |
පාසල |
ඡන්ද |
|
රොමේෂ් මධුෂාන් |
ලේටන් පාර්ක් විදුහල |
13362 |
|
රසාංජන මල්ලිකාරච්චි |
නුගේගොඩ ලයිසියම් විදුහල |
4605 |
|
ෆර්සත් ෆාසල් |
කොළඹ ගේට්වේ විදුහල |
319 |
|
නිමේෂ පෙරේරා |
වත්තල ලයිසියම් විදුහල |
167 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.