Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන්දේව් නැවතත් පෙරමුණ හිමිකරගනී

රන්දේව් නැවතත් පෙරමුණ හිමිකරගනී

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 7 වැනි සතිය නිමාවන ඉකුත් සතිය තුළ තමන්ට අහිමිවූ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ නැවතත් තමන් සතු කරගැනීමට ඡන්ද 8984 කට හිමිකම් කියන කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සමත්වී තිබේ.

ඉකුත් සතිය තුළදී ඡුන්ද 3526 ක් ලබාගෙන ඇති රන්දේව්, කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ පසුපසට ඇද දමමින් එම කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට අවස්ථාව උදාකරගෙන ඇත. ලහිරු වික‍්‍රමසිංහ ගෙවී ගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 1667 ක් පමණි.  

ඒ අනුව කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ සහ පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් පිළිවෙලන් ඡන්ද 8271 ක් සහ 5233 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැදී සිටිති.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින ලේටන් පාර්ක් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි, මේ සතිය තුළදී ලබාගත් ඡුන්ද 582 ත් සමග මුළු ඡන්ද 3725 ක් ලබාගෙන තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රොමේෂ් මධුෂාන්ට මේ සතිය තුළදී ලබාගනීමට හැකිවී තිබෙන්නේ ඡන්ද 6 ක් පමණි. ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 3556 කි.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, ගෙවී ගිය සතිය තුළදී ඡුන්ද 185 ක් ලබාගෙන තම ඡුන්ද සංඛ්‍යාව 1061 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡුන්ද 837 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී තිබේන අතර මේ සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 21 කි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා              පාසල   ඡන්ද
රන්දේව් පතිරණ      කොළඹ රාජකීය විදුහල     8984
ලහිරු වික‍්‍රමසිංහ      කඳාන ද මැසිනොද් විදුහල    8271
අකිල ලක්ෂාන්     පානදුර රාජකීය විදුහල  5233
රවීන් සේයර්      මහනුවර ති‍්‍රත්ව විදුහල  3038
ඒ. කේ. ටිරෝන්     ගාල්ල රිච්මන්ඞ් විදුහල   2509
පි‍්‍රයමාල් පෙරේරා    කොළඹ ශාන්ත ජෝෂප් විදුහල   2490
නිමේෂ් ගුණසිංහ    කටුගස්තොට ශා. අන්තෝනි විදුහල  2417
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල     2049
සදීර සමරවික‍්‍රම    කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  1778
යශාන් සමරසිංහ    කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  1419
තිමිල විද්‍යාසේකර    කොළඹ ඞී. එස්. සේනානායක විදුහල 1209
ශෙහාන් වීරසිංහ   කොළඹ සහිරා විදුහල 801
මින්හාජ් ජලීල්     කොළඹ තර්ස්ටන් විදුහල 785
සල්මන් ෆසීල්  කොළඹ සහිරා විදුහල 657
දිනෙත් ලංකා   මහනුවර ධර්මරාජ විදුහල  542
දිලංක සඳසේකර  කොළඹ ආනන්ද විදුහල 480
මධුෂාන් චමීර   කොළඹ ඉසිපතන විදුහල 433
තිලක්ෂ සුමනසිරි   ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල  423
චතුරංග රාජපක්ෂ   මීගමුව මාරිස්ටෙලා විදුහල 350

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා             පාසල    ඡන්ද
ධනුෂ්ක ළහිරු   ගාල්ල විද්‍යාලෝක විදුහල  1061
ළහිරු විමුක්ති   පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 837
කළණ හසරංග  මාතර රාහුල විදුහල 504
හර්ෂ රාජපක්ෂ  මාතර රාහුල විදුහල 416
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 137

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා          පාසල       ඡන්ද
රසාංජන මල්ලිකාරච්චි   නුගේගොඩ ලයිසියම් විදුහල 3725
රොමේෂ් මධුෂාන්  ලේටන් පාර්ක් විදුහල 3556
ෆර්සත් ෆාසල්   කොළඹ ගේට්වේ විදුහල 319
නිමේෂ පෙරේරා  වත්තල ලයිසියම් විදුහල  38

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. ආනන්ද ජයතිලක මහතා - උයන්වත්ත, නාරම්මල
2. නිහාල් රංජිත් මහතා - අංක 82, රාහුල පාර, මාතර
3. නන්ද නිර්මල මහතා - ගොකරැල්ල හන්දිය, තලාව පාර, කැකිරාව
4. ඞී. චන්මුගම් මහතා - අංක 118, පාගොඩ පාර, නුගේගොඩ


අදහස් (0)

රන්දේව් නැවතත් පෙරමුණ හිමිකරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.