Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රජවරුන්ගේ චෙස් සටන 19 වැනිදා සිට

රජවරුන්ගේ චෙස් සටන 19 වැනිදා සිට

Nisanka Sandeepani - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

22 වැනි රජවරුන්ගේ සටන වයස 20න් පහළ ආරාධිත පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය මේ මස 19,20 හා 21 කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත් වේ.

කොළඹ රාජකීය විද්‍යාල චෙස් කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන මෙම චෙස් තරගාවලියට දිවයිනේ පාසල් 25ක චෙස් කණ්ඩායම් සහභාගී වීමට නියමිතය.

තරගාවලිය තරග වට පහකින් සමන්විතය. එක් තරග වටයක කාලය පැය හතරකි. තරගාවලිය ආරම්භක දිනය වන 19 වැනිදා පස්වරුවේදී එක් තරග වටයක් ද  20 හා 21  දෙදින දිනකට තරගවට දෙක බැගින් තරග වට පහක් පැවැත් වේ.

ගිය වසරේ (2017) පැවති තරගයේ ශූරතාවය සත්කාරක රාජකීය විද්‍යාලය විසින්ද කාන්තා ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදීි.

මෙම තරගාවලිය ජාත්‍යන්තර ශ්‍රේණි ගතකිරිමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන බැවින් තරගාවලියට සහභාගී වන සෑම චෙස් ක්‍රීඩකයෙකුටම හා ක්‍රීඩිකාවකටම චෙස් ක්‍රීඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලැබෙන බව තරග සංවිධායකයෝ පවසති.


අදහස් (0)

රජවරුන්ගේ චෙස් සටන 19 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.