Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන වගකීම ජාතික පුහුණුකරු ගි‍්‍රනින්ට පැවරෙයි

රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන වගකීම ජාතික පුහුණුකරු ගි‍්‍රනින්ට පැවරෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ රග්බි කී‍්‍රඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ මූලික පියවරක් වශයෙන් රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන නිලධාරියා ලෙස පිල් ගි‍්‍රනින් මහතා පත්කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවාද වන පිල් ග‍්‍රිනින් මහතා එංගලන්ත ජාතිකයකු වන අතර ඒ මහතාගේ සහයට තවත් එංගලන්ත ජාතික රග්බි පුහුණුකරුවකු වන රයන් ගිබ්නි මහතා පත්කර ඇතැයි ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සම්මේලනය නිවේදනය කරයි.

ටෙස්ට් තරග 24 ක් සඳහා එංගලන්ත රග්බි පිල නියෝජනය කළ ඉදිරි පෙළ කී‍්‍රඩකයකු- වන පිල් ගි‍්‍රනින්, පුහුණුකරුවකු වශයෙන් ශී‍්‍ර ලංකාවට පැමිණි දිනයේ සිටම කියා සිටි ප‍්‍රධාන කරුණක් වූයේ ශී‍්‍ර ලංකාවේ රග්බි පුහුණු ආයතනයක් තිබිය යුතු බවයි.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ඇලස්ටියාර් සවරිමුත්තු මහතා පත්කර තිබේ. සවරිමුත්තු මහතා එංගලන්තයේ සිට පැමිණි, අළෙවිකරණයේ දීර්ඝ අත්දැකීම් ඇති අයෙකි.


අදහස් (0)

රග්බි පුහුණු කිරීමේ ප‍්‍රධාන වගකීම ජාතික පුහුණුකරු ගි‍්‍රනින්ට පැවරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.