Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ලෝක කුසලාන - ටෝකියෝ ඔලිම්පික් ඩ්‍රෝන යානා තහනම්

රග්බි ලෝක කුසලාන - ටෝකියෝ ඔලිම්පික් ඩ්‍රෝන යානා තහනම්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2019  ජපානයේදී පැවැත්වීමට නියමිත රග්බි ලෝක කුසලාන තරගය සහ 2020 ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරාඔලිම්පික් උළෙල පැවැත්වෙන ස්ථාන වෙත ඩ්‍රෝන යානා යෙදවීම තහනම් කිරීමට ජපන් රජය සැලසුම් සම්පාදනය කරමින් සිටියි.
 
ඊට සම්බන්ධ අමාත්‍යංශ සහ  ආයතන අතර පැවති සමුළුවකදී මෙම සැලසුම පිළිබඳ ජපන් රජය අවදානය යොමු කර ඇත.
 
තස්ත්‍ර ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹී ඇති අතර  තහනම් කළ ප්‍රදේශවලට ජපානයේ ප්‍රධාන ගුවන් තොටුපලවල්ද අයත් වෙයි.
 
මෙසේ අවසරයකින් තොරව භාවිතා කරන ඩ්‍රෝන යානා රාජසන්තක කිරීමට පොලිස් නිලධාරීන්ට ජපන් රජය විසින් අවසර ලබා දී ඇත. 
 
ලබන වසරේදී මේ සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජය සැලසුම් කරයි.


(63226)   


අදහස් (0)

රග්බි ලෝක කුසලාන - ටෝකියෝ ඔලිම්පික් ඩ්‍රෝන යානා තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.