වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වෙළෙඳ සේවා ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මාස් යුනිචෙලා පිල සහ ජෝන් කීල්ස් පිල අතර හෙට (30) කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.
අවසන් පූර්ව තරගවලදී යුනිචෙලා පිල විසින් කඩුලූ 6 කින් සෙලාන් බැංකු කණ්ඩායමද, ජෝන් කීල්ස් පිල විසින් ලකුණු 36 කින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායමද පරාජය කරන ලදහ.
අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙකටම ජාතික සහ ශ්‍රී ලංකා ‘ඒ’ යන කණ්ඩායම් නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.
ශී‍්‍ර ලංකා විස්සයි/20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන තිලකරත්න ඩිල්ෂාන් සහ ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් ප‍්‍රබල මාස් යුනිචෙලා පිල නියෝජනය කරති. මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලාභියා වන මාස් යුනිචෙලා පිලේ මහේල උඩවත්ත මෙම තරගයේදී ජෝන් කීල්ස් පිලට දැඩි අභියෝගයක් වීමට ඉඩ තිබේ.
ජාතික පිල නියෝජනය කරන දිමුත් කරුණාරත්න සහ ශාමින්ද එරංග, ජෝන් කීල්ස් පිල නියෝජනය කරන අතර ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටින ප‍්‍රබල යොවුන් පිතිකරුවන් වන ෂෙහාන් ජයසූරිය සහ භානුක රාජපක්‍ෂ, ජෝන් කීල්ස් පිලේ බලාපොරොත්තු බවට පත්ව තිබේ.
ජෝන් කීල්ස් කණ්ඩායම
ජනක ගුණරත්න (නායක), උපුල් ඉන්ද්‍රසිරි, දිමුත් කරුණාරත්න, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්‍ෂ, දෙනුවන් රාජකරුණා, මිලින්ද සිරිවර්ධන, රොෂේන් සිල්වා, ඉෂාන් ජයරත්න, කනිෂ්ක ඇල්විටිගල, ශාමින්ද එරංග, අක්‍ෂු ප‍්‍රනාන්දු, උපුල් බණ්ඩාර, නිලංක පේ‍්‍රමරත්න සහ මධුෂාන් ඒකනායක
පුහුණුකරු : මහේෂ් වීරසිංහ මහතා සහ සහාය පුහුණුකරු : සම්පත් ඈපාසිංහ මහතා
මාස් යුනිචෙලා කණ්ඩායම
චාමර සිල්වා (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, ඩිල්රුවන් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, රමිත රඹුක්වැල්ල, ප‍්‍රසන්න ජයවර්ධන, ෆර්විස් මහරුෆ්, මාලිංග බණ්ඩාර, සොහාන් බොරලැස්ස, ළහිරු ජයරත්න, ධනුෂ්ක ගුණතිලක, චතුර පීරිස් සහ ශාලික කරුණානායක
පුහුණුකරු: ගයාන් විජේකෝන් මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.