ශී‍්‍ර ලංකා යුද හමුදා වර්ණ රාති‍්‍රය මේ මස 12 වැනිදා පස්වරු 7.00 සිට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ඉකුත් වසරේදී (2014) කී‍්‍රඩා 35 ඔස්සේ යුද හමුදාව නියෝජනය කරමින් දස්කම් දැකවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 595 දෙනෙකු මෙහිදී ඇගැයීමට ලක් කෙරෙති. ඉන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 246 ක් වර්ණ ලබාගැනීමට සුදුසුකම් ලබාගෙන ඇති අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 349 දෙනෙක් ශූර වර්ණ ලබාගැනීමට සුදුසුකම් ලබාගෙන ඇත.
මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 595 ගෙන් තෝරා ගන්නා ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 75 දෙනෙකු වර්ණ රාති‍්‍රයේදී වර්ණ ලබන අතර අනෙකුත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රෙජිමේන්තු මට්ටමින් සංවිධානය කෙරෙන වර්ණ ප‍්‍රධානෝත්සව වලදී වර්ණ පිරිනැමේ.
වර්ණ ලබාගැනීමට සුදුසුකම් ලබාගෙන ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 595 දෙනාගෙන් කී‍්‍රඩකයන් 50 දෙනෙකුම යුද හමුදාව නියෝජනය කරන ආබාධිත කී‍්‍රඩකයෝ වෙති.
ඉකුත් වසරේ (2014) පැවැති තරගාවලි වලදී රන් පදක්කම් 21 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 28 ක් දිනාගැනීමට යුද හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වී ඇත.
මෙම වර්ණ රාති‍්‍රයේ එක් කොටසක් ලෙස යුද හමුදා කී‍්‍රඩා කමිටු සභාපතිවරුන් 104 දෙනෙකු සහ පුහුණුකරුවන් 133 දෙනෙකුද ඇගයීමට නියමිතය.
වර්ණ රාති‍්‍රයට සමගාමීව 1949 වසරේ සිට මේ දක්වා යුද හමුදා කී‍්‍රඩා ඉතිහාසයේ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ඡයාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ඡුායාරූප 600 ක් ඉදිරිපත් කර තිබේ.
මේ මස 10 වැනිදා ආරම්භ වන මෙම ඡයාරූප ප‍්‍රදර්ශනය, 12 වැනිදා දක්වා දින 3 ක් පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. ප‍්‍රදර්ශනය නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට ඉඩකඩ ලබාදී ඇති බව සංවිධායකයෝ පවසති.
එමෙන්ම ඊට සමගාමීව යුද හමුදා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට වසර 64 ක් පිරීම නිමිත්තෙන් යුද හමුදා ක‍්‍රීඩා ඉතිහාසය පිළිබඳ විස්තර ඇතුළත් පිටු 450 කින් සමන්විත ග‍්‍රන්ථයක්ද එළිදැක්වීමට යුද හමුදාව සූදානමින් සිටියි. මෙම ග‍්‍රන්ථයට යුද හමුදා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ විකාශනය, ජාතික සහ ජාත්‍යන්තරතලයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන්, කී‍්‍රඩා කමිටු සභාපතිවරුන්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටුවන ලද වාර්තා, දිනාගත් පදක්කම් සහ ජයග‍්‍රහණ පිළිබඳව විස්තර සහ ඡයාරූප ඇතුළත් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.