ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලබන හැකියා සෙවීමේ සහ පුහුණුකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ලබන මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා යාපනය මහා විද්‍යාලයේදී පැවැත්වේ.
වයස 13 න් පහළ සහ 15 න් පහළ කි‍්‍රකට් දස්කම් සෙවීමේ වැඩසටහනක් 14 වැනිදා පෙරවරු 9.00 සිට යාපනය මහ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර උතුරු පළාතේ පුහුුණුකරුවන් සඳහා පළමු ශ්‍රේණියේ පුහුණු පාඨමාලාවද යාපනය මහ විදුහලේදී පැවැත්වේ. මෙම පුහුණු පාඨමාලාව ඔක්තෝබර් 17 වැනිදා දක්වා පැවැත්වේ.
උතුරු පළාතේ පුහුණුකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන 16 වැනිදා පෙරවරු 9.00 සිට යාපනය මහ විද්‍යාලයේදී පැවැත්වේ.
මේ සඳහා සහභාගි වීමට කැමති අය වෙතොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණු කළමණාකරු සුනිල් ප‍්‍රනාන්දු මහතා අමතා වැඩිදුර විස්තර ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.