Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිලින්ද ලකුණු අතරට

මිලින්ද ලකුණු අතරට

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භවූ සැරසන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර තරගය පළමු දිනට අවසන් කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින සැරසන්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 286 ක් රැස්කර සිටියේය.

ශතකයක් (144) ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින මිලින්ද සිරිවර්ධන පන්දු 217 කට මුහුණදී ඇති අතර හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් සිය ඉනිම සැරසීමට සමත්විය.

ගමිඳු අමරසිංහ සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 65 ක සම්බන්ධතාවයක්ද, අශේන් බණ්ඩාර සමගින් පස්වැනි කඩුල්ලට ලකුණු 98 ක සම්බන්ධතාවයක්ද පැවැත්වූ මිලින්ද සිරිවර්ධන හත්වැනි කඩුල්ල සඳහා සාලිය සමන් සමගින්ද එක්ව ලකුණු 69 ක තවත් නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අලංකාර අසංක සහ බුද්ධික සංජීව කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

‘ඒ’ ශ්‍රේණිය යටතේ එන්.සී.සී, සී.සී.සී, පී.සරවනමුත්තු, මූවර්ස් සහ එස්.එස්.සී යන ක්‍රීඩාංගණවලදී පෙරේදා ආරම්භවූ තරග 5 ක් අද අවසන්වූ අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට රාගම, කෝල්ට්ස්, එන්.සී.සී, ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී කණ්ඩායම් සමත්වූහ.

මෙම සති අන්තයේ අවසන්වූ තරග වලදී රාගම පිලේ සුපේෂල ජයතිලක (114), අක්ශු ප්‍රනාන්දු (නොදැවී 102) සහ ඉශාන් ජයරත්න (123), කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ (119), හෂාන් දුමිඳු (119) සහ විශාද් රංදික (නොදැවී 104), මීගමුව පිලේ අශේන් සිල්වා (109), ද්‍රවිඩ සංගමයේ ළහිරු මිලන්ත (103) සහ තරංග පරණවිතාන (නොදැවී 124) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානයක කෝල්ට් පිලට එරෙහිව කඩුලු 10 ක් දවාගැනීමට සමත්විය. කෝල්ට්ස් පිලේ මහේෂ් තීක්‍ෂණ, එන්.සී.සී පිලේ දිලේෂ් ගුණරත්න සහ චතුරංග ද සිල්වා, සී.සී.සී. පිලේ මාලින්ද පුෂ්පකුමාර ඉනිමකදී කඩුලු 5 ක බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සැරසන්ස් පිල - පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 286
(ඇන්ඩි සොලමන්ස් 36, මිලින්ද සිරිවර්ධන නොදැවී 144, ගමිඳු අමරසිංහ 29, අශේන් බණ්ඩාර 33, සාලිය සමන් නොදැවී 27, අලංකාර අසංක 57/2, බුද්ධික සංජීව 71/2)


මූවර්ස් සහ රාගම කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

රාගම පිලට පළමු ඉනිමේ ජයක්

මූවර්ස් පිල - පළමු ඉනිම - ඕවර 84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(චරිත කුමාරසිංහ 103, ඉරෝෂ් සමරසූරිය 60, අදීෂ තිලංචන 40, ශිරාන් ප්‍රනාන්දු 40, අමිල අපෝන්සු 117/3, ඉෂාන් ජයරත්න 54/2, මොහොමඞ් අලී 73/2, කල්හාර සේනාරත්න 49/2)

රාගම පිල- පළමු ඉනිම - ඕවර 125.1 දී කඩුලු 9 ක් දැවී ලකුණු 497
(දිනෙත් තිමෝද්‍ය 45, සමින්ද ප්‍රනාන්දු 42, සුපේෂල ජයතිලක 114, අක්ශු ප්‍රනාන්දු නොදැවී 102, ඉශාන් ජයරත්න 123, අමිල අපෝන්සු නොදැවී 33, මලිත් ද සිල්වා 171/4, තරිඳු කෞෂාල් 104/2)

මූවර්ස් පිල - දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 269
(චරිත කුමාරසිංහ 45, ඉරෝෂ් සමරසූරිය 87, පබසර වඩුගේ 38, රමේෂ් මෙන්ඩිස් 40, අනුක් ප්‍රනාන්දු 45, අමිල අපෝන්සු 59/2, කල්හාර සේනාරත්න 91/2)

 

කෝල්ට්ස් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පිල පළමු ඉනිම ජයගනී

කෝල්ට්ස් පිල - පළමු ඉනිම - ඕවර 108.1 කදී සියලුදෙනා දැවී ලකුණු 365
(සංගීත් කුරේ 119, හෂාන් දුමිඳු 119, ප්‍රියමාල් පෙරේරා 51, කවිශ්ක අංජුල 34, සචිත්‍ර සේනානායක 88/7, තරිඳු රත්නායක 99/3)

එස්.එස්.සී. පිල - පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලුදෙනා දැවී 285
(කෞෂාල් සිල්වා 45, ක්‍රිෂාන් සංජුල 22, කවිඳු කුලසේකර 43, චාමර කපුගෙදර 69, සචිත්‍ර සේනානායක 34, කසුන් මදුශංක 25, මහේෂ් තීක්‍ෂණ 76/5, රොහාන් සංජය 64/4)

කෝල්ට්ස් පිල - දෙවැනි ඉනිම - ඕවර 68 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 300
(සංගීත් කුරේ 58, හෂාන් දුමිඳු 34, විශාද් රංදික නොදැවී 104, මහේෂ් තීක්‍ෂණ 24, සචිත්‍ර සේනානායක 55/3, තරිඳු රත්නායක 115/3)

 

එන්.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්

එන්.සී.සී පිල - පළමු ඉනිම - ඕවර 85.4 කදී සියලුදෙනා දැවී ලකුණු 321
(පැතුම් නිස්සංක 77, ළහිරු උදාර 66, චතුරංග ද සිල්වා 48, සාගර් පරේෂ් 74/4, සී.ඩිල්ශාන් 88/4)

හලාවත මේරියන්ස් පිල - පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලුදෙනා දැවී ලකුණු 193
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 28, ඕශද ප්‍රනාන්දු 26, හර්ෂ කුරේ 48, දිලේෂ් ගුණරත්න 52/5, සචින්ත පිරීස් 26/2, චතුරංග ද සිල්වා 53/2)

එන්.සී.සී පිල - දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 241
(ළහිරු උදාර 85, ප්‍රභාත් නිස්සංක 27, උපුල් තරංග 66, චතුරංග ද සිල්වා නොදැවී 52, සී.ඩිල්ශාන් 48/2, සාගර් පරේෂ් 59/2)

හලාවත මේරියන්ස් පිල - දෙවැනි ඉනිම - ඕවර 68 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 315
(තීක්‍ෂිල ද සිල්වා 52, ඕශද ප්‍රනාන්දු 67, රාෆී ගෝමස් 68, නිමේෂ් විමුක්ති නොදැවී 79, චතුරංග ද සිල්වා 95/5, සාරංග රාජගුරු 111/2)


සී.සී.සී සහ මීගමුව කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

සී.සී.සී පිල පළමු ඉනිම ජයගනී

සී.සී.සී පිල - පළමු ඉනිම - ඕවර 100.3 කදී සියලුදෙනා දැවී ලකුණු 383
(මිනෝද් භානුක 88, ළහිරු මදුශංක 72, අශාන් ප්‍රියංජන් 53, රොන් චන්ද්‍රගුප්ත 45, මනෙල්ක ද සිල්වා 33, රොෂේන් ප්‍රනාන්දු 66/4, සඳකැන් පතිරණ 66/3)

මීගමුව පිල - පළමු ඉනිම - ඕවර 153 කදී සියලුදෙනා දැවී ලකුණු 316
(ශිහාන් ලොකුබණ්ඩාර 54, අශේන් සිල්වා 109, ඇන්ජලෝ ජයසිංහ 57, සහන් ආරච්චිගේ 33, ප්‍රසන්න ජයමාන්න 27, මාලින්ද පුෂ්පකුමාර 90/5, ඩිල්ශාන් මුණවීර 44/2, ළහිරු ගමගේ 45/2)

සී.සී.සී පිල - දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 66
(මනෙල්ක ද සිල්වා නොදැවී 27, සොනාල් දිනූෂ 29)


ද්‍රවිඩ සංගමය සහ යුද හමුදා කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්

යුද හමුදා පිල - පළමු ඉනිම - ඕවර 128 කදී සියලුදෙනා දැවී ලකුණු 386
(සංජික රිද්ම 64, අෂාන් රංදික 53, දුශාන් විමුක්ති 50, දිල්ශාන් ද සොයිසා 51, යශෝධ මෙන්ඩිස් 55, ලක්ෂාන් මදුශංක නොදැවී 30, ලක්‍ෂිත මදුශාන් 36, ළහිරු මිලන්ත 33/4, සචිත්‍ර සේරසිංහ 65/2, සදීෂ් පතිරණගේ 75/2)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 115.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 481
(සිතාර ගිම්හාන් 93, ළහිරු මිලන්ත 103, තරංග පරණවිතාන නොදැවී 124, සචිත්‍ර සේරසිංහ 71, කිත්රුවන් විතානගේ 29, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 50, ලක්ෂාන් මදුශංක 112/2)

යුද හමුදා පිල - දෙවැනි ඉනිම - ඕවර 22 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 66
(ඩිල්ශාන් ද සොයිසා නොදැවී 23, බිනුර ප්‍රනාන්දු 17/3)

 


අදහස් (0)

මිලින්ද ලකුණු අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.