|
|
ජාතික නිදහස් දිනයේදී (4 වැනිදා) ‘ෆියුචර් ස්ටාර්ස්’ නමින් පැසිපන්දු පුහුණු පාසලක් ආරම්භ කිරීමට ජාතික පැසිපන්දු ක්‍රීඩකයකු වන අසංක සුවාරිස් කටයුතු සූදානම් කර තිබේ. පැසිපන්දු ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් බිහි කළ මොරටුව ප්‍රදේශයේ ආරම්භ කෙරෙන පළමු පැසිපන්දු පුහුණු පාසල මෙයයි.
වයස අවුරුදු 6 න් ඉහළ පාසල් ක්‍රීඩකයන්ට මෙම විද්‍යායතනයට ඇතුළත් විය හැකිය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන අසංක සුවාරිස්, අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ II වැනි ශ්‍රේණියේ සුදුසුකම්ලත් පැසිපන්දු පුහුණුකරුවෙකි.
මෙම විද්‍යායතනයේ පළමු පුහුණු සැසිය හෙට (4 වැනිදා) පස්වරු 3.00 සිට මොරටුව වේල්ස් කුමර විදුහල් පැසිපන්දු පිටියේදී පැවැත්වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තොරතුරු අංක 077 9382520, 071 2534820 සහ 076 7839352 දුරකථන ඔස්සේ දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.