Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු ශූරතා කෑගලු විදුහලට

මේසපන්දු ශූරතා කෑගලු විදුහලට

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමු පළාත් විවෘත මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කෑගලු විද්‍යාලයේ තෙනුක දිනුජයද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනීද සම්මාන දිනා ගත්හ.

කෑගලු විද්‍යාලයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් එම විදුහලේ අදි ශිෂ්‍ය මේසපන්දු සංගමය සහ විදුහලේ මවුපිය මේසපන්දු සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. මෙහිදී සියලුම බාලක වයස් කාණ්ඩ ශූරතා මෙන්ම විවෘත පිරිමි කේවල ශූරතාවද දිනාගැනීමට කෑගලු විද්‍යාලයේ ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තෙනුක දිනුජය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ වයස 18 න් පහළ, 21 න් පහළ යන බාලක ඉසව්වල සහ විවෘත පිරිමි කේවල ඉසව්වේ ශූරතා දිනාගනිමිනි.

වයස 15 න් පහළ සහ 18 න් පහළ බාලිකා ඉසව්වල ශූරතා දිනාගත් ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනී, ඉන් නොනැවතී කාන්තා කේවල සහ කාන්තා යුගළ විවෘත ඉසව්වල ශූරතාද දිනා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය.

කෑගලු විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කෑගලු දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහභාගි විය.

 

සබරගමු පළාත් විවෘත මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කෑගලු විද්‍යාලයේ තෙනුක දිනුජය සම්මාන ලැබූ අවස්ථාව...

සබරගමු පළාත් විවෘත මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනී සම්මාන ලැබූ අවස්ථාව...

 


අවසන් තරග ප්‍රතිඵල (බාලක)

■    වයස 8 න් පහළ
දිලිත් දින්සර (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස ගනිඳු සඳරු (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/01, 11/06)

■    වයස 10 න් පහළ
පියුෂ ආරියරත්න (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-0 ක් ලෙස චතුමිණ විෂ්වජිත් (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/01, 11/01)

■    වයස 12 න් පහළ
අදිත් ආරියරත්න (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-1 ක් ලෙස නෙනුක ලියනගේ (රත්නපුර කුමර විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/07, 11/05, 11/06)

■    වයස 15 න් පහළ
ඉසුරු හංස මෙත්මල් (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-0 ක් ලෙස නෙනුක ලියනගේ (රත්නපුර කුමර විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08, 11/09)

■    වයස 18 න් පහළ
තෙනුක දිනුජය (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-2 ක් ලෙස ඩී. යූ. ආර්. දංගල්ල (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (02/11, 13/11, 16/14, 06/11, 11/09)

■    වයස 21 න් පහළ
තෙනුක දිනුජය (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-1 ක් ලෙස කාවින්ද මනෝජ් (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/03, 11/02, 12/10)


අවසන් තරග ප්‍රතිඵල (බාලිකා)

■    වයස 8 න් පහළ
අනුදි ආරියරත්න (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කේ. ස්නේයා (දැදිගම ප්‍රාථමික විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/04)

■    වයස 10 න් පහළ
එම්. එස්. එන්. නවෝද්‍යා (කෑගල්ල ඔලගන්කන්ද ප්‍රාථමික විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කවීෂා රණතුංග (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/06, 11/03)

■    වයස 12 න් පහළ
ඩී. එච්. සී. දංගල්ල (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සෙනුරි අප්සරා (කෑගලු බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (12/10, 11/13, 12/14, 11/07, 11/06)

■    වයස 15 න් පහළ
ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනී (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සෙනුරි අප්සරා (කෑගලු බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (11/06, 11/01, 11/07)

■    වයස 18 න් පහළ
ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනී (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හිරුණි වීරකෝන් (මාවනැල්ල මයුරපාද මැදි විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/04, 11/03)

■    වයස 21 න් පහළ
හංසිගයා කුමාරි (මාවනැල්ල මයුරපාද මැදි විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හිරුණි වීරකෝන් (මාවනැල්ල මයුරපාද මැදි විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/06, 10/12, 11/04, 11/05)


විවෘත තරග ප්‍රතිඵල

■    විවෘත පිරිමි කේවල
තේනුක දිනුජය (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-1 ක් ලෙස ඩී. යූ. ආර්. දංගල්ල (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (5/11, 11/07, 11/07, 11/8)

■    විවෘත පිරිමි යුගළ
ඩී. යූ. ආර්. දංගල්ල සහ කාවින්ද මනෝජ් (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චමුදිත දිල්රුක් සහ එස්. චාරුක (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදහ. (11/06, 11/09, 11/07)

■    විවෘත කාන්තා කේවල
ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනී (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හංසිගයා කුමාරි (මාවනැල්ල මයුරපාද මැදි විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/04, 11/06)

■    විවෘත කාන්තා යුගළ  
ඩබ්ලිව්. අයි. එස්. ප්‍රියදර්ශනී (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) සහ හිරුණි වීරකෝන් (මාවනැල්ල මයුරපාද මැදි විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සෙනුරි අප්සරා (කෑගලු බාලිකා විද්‍යාලය) සහ දුලංජනී නවරත්න (ටී. එස්. මේසපන්දු විද්‍යායතයනය) පරාජය කරන ලදි. (12/10, 11/02, 12/10)

 


අදහස් (0)

මේසපන්දු ශූරතා කෑගලු විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.