ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 67 වැනි ජාතික මේසපන්දු තරගාවලිය හෙට (6 වැනිදා) සිට 9 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.
තරගාවලිය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර කනිෂ්ඨ අංශයේ තරග හෙට (8 වැනිදා) සහ අනිද්දා (9 වැනිදා) දින වලදීත්, ජ්‍යෙෂ්ඨ අංශයේ තරග 08 සහ 09 යන දින වලදීත් පැවැත්වීමට නියමිතය.
කනිෂ්ඨ තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 500 ක් පමණ සහභාගී වන අතර එහිදී බාලක, බාලිකා අංශ දෙකෙන්ම 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල ලෙස තරග පැවැත්වේ. මිශ‍්‍ර යුගල තරග පැවැත්වෙන්නේ 18 න් පහළ වයස් කාණ්ඩය යටතේ පමණි.
ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩ 5 (පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල) යටතේම තරග පැවැත්වෙන අතර ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 ක් පමණ සහභාගී වෙති.
පසුගිය වසරේ පැවති කනිෂ්ඨ තරගාවලියේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නුවනි නවෝද්‍යා ශූරතා දිනාගත් අතර මාස් සමූහ ව්‍යාපාරයේ නිර්මල ජයසිංහ සහ ගුවන් හමුදාවේ ඉශාරා මධුරංගි එම වසරේ පැවැති ජ්‍යෙෂ්ඨ තරගාවලියේ ශූරතා දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.