Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේරියන්ස් අපරාජිතව ඉදිරියට

මේරියන්ස් අපරාජිතව ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 6 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (07 වැනිදා) සමත්විය. මෙම තරගය පී.සරවණමුත්තු ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

මූලික වටයේදී පැවැති තරග හයෙන් තරග පහක් ජයගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්වූ අතර එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන්විය. සුපිරි කණ්ඩායම් අතර පැවැත්වෙන තරග වටයේ පැවැති තරග තුනම ජයගත් හලාවත මේරියන්ස් කණ්ඩායම මේ වනවිට අපරාජිතව ශූරතාවට ලගාවෙමින් සිටින්නේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශෙහාන් ජයසූරිය කඩුලු 7 ක් දවාගනිමින් රාගම කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 57 කට සීමා කළ අතර දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක්ද දවාගත්තේය. පිත්තෙන්ද දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු ශෙහාන් ජයසූරිය ලකුණු 80 ක් රැස්කිරීමට සමත්විය.

වරාය අධිකාරිය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීත්, එන්.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගය කටුනායක නිඳහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදි සහ බී.ආර්.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් පැවැතියේය.


රාගම - පළමු ඉනිම - ඕවර 29.2 කදී සියලුදෙනා දැවී ලකුණු 57
(අක්ශු ප්‍රනාන්දු 20, ශෙහාන් ජයසූරිය 22/7, මාලින්ද පුෂ්පකුමාර 8/2)
මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(ශෙහාන් ජයසූරිය 80, සචිත්‍ර සේරසිංහ 24, කසුන් විදුර 23, රෝහිත් දාමෝදරන් 21, නිශාන් පිරීස් 79/4, අක්ශු ප්‍රනාන්දු 24/3, සහන් නානායක්කාර 64/3)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(ජනිත් ලියනගේ 31, ළහිරු තිරිමාන්න 39, ඉශාන් ජයරත්න 38, සචිත්‍ර සේරසිංහ 33/4, මාලින්ද පුෂ්පකුමාර 49/3, ශෙහාන් ජයසූරිය 66/3)


වරාය අධිකාරිය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 92 සහ 69/3 , වරාය අධිකාරිය 410/9

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 26.3 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(චානක කොමසාරූ 38/5, මදුක ලියනපතිරණගේ 44/4)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 113.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 410
(යොහාන් ද සිල්වා 40, නිසල් රංදික 42, නික් කොම්ප්ටන් 98, ඉශාන් රංගන 67, ගයාන් මනීශාන් 54, ගිහාන් රූපසිංහ 33, ප්‍රභාත් ජයසූරිය 115/3, ප්‍රියමාල් පෙරේරා 34/2, නිසල තාරක 73/2)    
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 69
(පසිඳු ලක්ෂංක නොදැවී 30, විශාද් රංදික නොදැවී 27, මදුක ලියනපතිරණගේ 11/2)

 

එන්.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක නිඳහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. 284 සහ 204/4, සැරසන්ස් 132

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 83 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(චතුරංග ද සිල්වා 59, තරිඳු කෞශාල් 131, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මොහොමඞ් ඩිල්ශාඞ් 38/3, සචිත්‍ර පෙරේරා 72/3)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී ලකුණු 132
(රනිත ලියනාරච්චි නොදැවී 37, චාමික කරුණාරත්න 38/4, ලසිත් ඇඹුප්දෙණිය 19/3, සචින්ත පිරීස් 41/3)
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 47 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 204
(ළහිරු උදාර 26, නිමේෂ ගුණසිංහ 58, ඇන්ජලෝ පෙරේරා 44, චතුරංග ද සිල්වා නොදැවී 55, රොෂාන් ජයතිස්ස 49/3)

 

බී.ආර්.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. 200 සහ 149/7, එස්.එස්.සී. 199

බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හර්ෂ විතාන 77, රුමේෂ් බුද්ධික 25, තිලකරත්න සම්පත් 42, ආකාශ් සේනාරත්න 52/5, සචිත්‍ර සේනානායක 49/2)
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(මිනෝද් භානුක 35, කෞෂාල් සිල්වා 42, මිලින්ද සිරිවර්ධන 23, චරිත් අසලංක 29, චාමර කපුගෙදර 33, හෂේන් රාමනායක 18/6, චාමිකර එදිරිසිංහ 40/2, තිලකරත්න සම්පත් 54/2)
බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 149
(රුමේෂ් බුද්ධික 23, හෂේන් රාමනායක නොදැවී 29, ආකාශ් සේනාරත්න 25/3, කසුන් මදුශංක 40/3)

 


අදහස් (0)

මේරියන්ස් අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.