Last Update  :  2025-12-17 14:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මූවර්ස් - යුද හමුදාව තව දුරටත් පෙරමුණ ගනී

මූවර්ස් - යුද හමුදාව තව දුරටත් පෙරමුණ ගනී

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දින 8 ක් අවසන් වනවිටදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් මූවර්ස් පිලත්, ‘බී’ කාණ්ඩයෙන් යුදහමුදා පිලත් සමත්විය.

එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 බැගින් කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 26 ක් තරගාවලියට සහභාගි වෙති.

තරග 8 කට සහභාගිවී ඇති මූවර්ස් පිල ප්‍රසාද ලකුණු 18 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයෙන් ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත. යුද හමුදා පිල ද ප්‍රසාද ලකුණු 18 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයෙන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ.

‘ඒ’ කාණ්ඩයෙන් ඒස් කැපිටල් (16), ද්‍රවිඩ සංගමය (15) සහ එස්.එස්.සී (15) කණ්ඩායම් මූවර්ස් පිලට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටින අතර සී.සී.සී (17), බී.ආර්.සී (14) සහ හලාවත මේරියන්ස් (13) කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් යුද හමුදා පිලට තර්ජනයක් වෙමින් පසු පසින් සිටිති.


අදහස් (0)

මූවර්ස් - යුද හමුදාව තව දුරටත් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.