Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුල් පුටුවට නාමයෝජනා 6 ක්

මුල් පුටුවට නාමයෝජනා 6 ක්

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණයේ දී සභාපති ධුරයට නාමයෝජනා හයක් ඉදිරිපත් වී තිබේ. එම නාමයෝජනා බාරගැනීම අද (9) අවසන් වූ අතර ඒ සම්බන්ධයෙන් විරෝධතා බාර ගැනීම හෙට (10) පස්වරු 2.00 දක්වා සිදුකෙරේ.


වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා හා ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න යන මහත්වරු ද මෙවර සභාපති ධුරයට නාමයෝජනා බාරදුන් අපේක්ෂකයෝ වෙති. වත්මන් සභාපතිවරයා ලේකම් ධුරයට හා උපසභාපති ධුරයන් සඳහා ද නාමයෝජනා බාරදී තිබේ.


මේ අතර උපසභාපති ධුර හයක් සඳහා නාමයෝජනා 19ක් ඉදිරිපත් වී තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය කළ අවසන් විමර්ශනයට අනුව මෙවර පාපැදි සම්මේලනයේ නිලවරණයට සහභාගි කරගන්නා දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ ගණන 41කි. රංගිරි දඹුලු, දැරණියගල, ශ්‍රී ලක් හා වයිකින් යන ක්‍රීඩා සමාජ හතරකට එහිදී අලුතින් ඡන්ද බලය ලැබී තිබේ.


 ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ හිමිකම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර පැවැති අර්බුදය නිමා කරමින් එම පාර්ශ්ව දෙකම නියෝජනය වන පරිදි සභාපති ලෙස සළකමින් සුමිත් බාලසූරිය මහතාටත් ලේකම්වරයා ලෙස සළකමින් නලින් අධිකාරිආරච්චි මහතාටත් නිලවරණයේ දී ඡන්‏ද ප්‍රකාශ කිරීමේ හිමිකම ලබාදී තිබේ.


පාපැදි සම්මේලනයේ නිලවරණය පැවැත්වීම විගණන වාර්තා අනුමැතිය පමාව හා ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ නාමලේඛනයට එල්ල වූ විරෝධතා හේතුවෙන් දෙවතාවක්ම කල්දැමීමට සිදුවිය.


ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත්වූ නාමයෝජනා:-

සභාපති ධුරයට:-

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, එන්. කරුණාරත්න, ඩබ්. එම්. එම්. බණ්ඩාර, ජින්ටල් රත්නායක, විල්මන් පෙරේරා හා බොල්වින් පණ්ඩිතරත්න යන මහත්වරු.


ලේකම් ධුරයට:-

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, නිහාල් කුලසේකර, එන්. ජී. ජයසේන යන මහත්වරු


භාණ්ඩාගාරික ධුරයට:-

සේනක රණසිංහ, අමල් සූරියගේ සහ එන්. ජී. ජයසේන යන මහත්වරු.


උප ලේකම් ධුරයට:-

නීතිඥ නිලුකා සුරංගි, නලින් අධිකාරිආරච්චි, වසන්තා කහපොලආරච්චි හා බොල්වින් පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීහු


උප සභාපති ධුර හයක් සඳහා:-

පොලිස් අධිකාරි ප්‍රභාත් ද සිල්වා, වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, අමල් සූරියගේ, නිශාන්ත පියසේන, මිල්ටන් පෙරේරා, ජෝර්ජ් රුද්‍රිගු, කිංස්ලි මෙන්ඩිස්, වසන්තා කහපොලආරච්චි, බී. ජේ. සුමනසේකර, ඩී. සෝමරත්න, එම්. එල්. ක්‍රිෂාන්ත, නිලුකා සුරංගි, ජින්ටල් රත්නායක, චන්දන කඳනආරච්චි, බොල්වින් පණ්ඩිතරත්න, නලින් අධිකාරිආරච්චි, උපාලි තාබෲ, ප්‍රදීප් චන්දන සිල්වා, කිංස්ලි මෙන්ඩිස්, එම්. කරුණාරත්න පෙරේරා යන මහත්ම මහත්මීහු.

 


අදහස් (0)

මුල් පුටුවට නාමයෝජනා 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.