අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පානදුර රාජකීය විදුහල සහ කැළණිය ගුරුකුළ විදුහල අතර පැවැති තරගය, දෙපිලම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යා සමාන වීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය පානදුරේදී පැවැත්විණ.
පානදුර රාජකීය විදුහල ලබාගත් ලකුණු 216 ට පිළිතුරු වශයෙන් ගුරුකුළ විදුහල පළමු දිනය නිමා වන විට කඩුලූ 5 දැවී ලකුණු 187 ක් ලබාසිටි නමුත්, පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීම සඳහා ලබාගත යුතුව තිබූ ඉතිරි ලකුණු 30 ලබාගැනීමට මත්තෙන් ඔවුන්ගේ අවසන් කඩුලූ 5 ද දවාගැනීමට රාජකීය විදුහල් පන්දුයවන්නෝ සමත්වූහ.
ගුරුකුළ විදුහල වෙනුවෙන් කසුන් මධුෂාන් (51 සහ 55) ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබාගත්තේය. මෙම තරගයේදී වාර්තාවූ මුලූ අර්ධ ශතක සංඛ්‍යාව 7 කි. පානදුර රාජකීය විදුහලේ විමුක්ති මධුෂාන් තරගයේදී ලකුණු 89 කට කඩුලූ 8 ක් දවාගැනීමට සමත්විය.
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලූදෙනා දැවී 216
(යසිත් චමෝද් 56, හසිත ධනංජය 37, විමුක්ති මධුෂාන් 34, පවන් ඩයස් 22, හෂාන් සිල්වා 17, ලහිරු චාමර 48/4, දමිත හසිත 19/2, ජයමාල් වන්නිආරච්චි 66/2)
ගුරුකුළ විදුහල පළමු ඉනිම - ඕවර 47 කදී සියලූදෙනා දැවී 216
(චානක දිල්ෂාන් 56, කසුන් මධුෂාන් 51, ලිසුල ලක්ෂාන් 45, ලහිරු චාමර 31, විමුක්ති මධුෂාන් 35/4, හසිත ධනංජය 53/4)
පානදුර රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 52.1 කදී සියලූදෙනා දැවී 212
(හෂාන් සිල්වා 82, මාධව නිමේෂ් 55, හෂාන් විමලසේකර 29, ශෂින් දිල්රංග 15/3, ලහිරු චාමර 58/3, දමිත හසිත 17/2)
ගුරුකුළ විදුහල දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලූ 7 කට 175
(ශෂින් දිල්රංග නොදැවී 65, කසුන් මධුෂාන් 55, ලිසුල ලක්ෂාන් 24, විමුක්ති මධුෂාන් 54/4, හසිත ධනංජය 56/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.