Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීගමුව පෙරමුණ ගනී

මීගමුව පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ අටවැනි සතිය අවසාන වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 75.07 ක් ලබාගත් මීගමුව ක්‍රීඩා සමාජය සමත්විය.
 
තරග හතකට සහභාගිවී ඇති මීගමුව ක්‍රීඩා සමාජය තරගයක් ජයගෙන ඇති අතර තරග පහක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන එක් තරගයක ලකුණු සමවී ඇත.
 
ප්‍රසාද ලකුණු 69.15 ක් ලබාගත් ලංකන් ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ප්‍රසාද ලකුණු 67.44 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
 
 
 
 
 

අදහස් (0)

මීගමුව පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.