අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මැසිනොද් විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ මැසිනොද් විදුහලේ මිතුල් සෙනරත් අර්ධ ශතකයක් (නොදැවී 86) ලබාගනිමින් ලකුණු 13 කට කඩුලු 5 ක්ද දවාගත්තේය.
ද මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 8 ක් දැවී 250
(මිතුල් සෙනරත් නොදැවී 86, සුදම් ද සිල්වා 37, රුවින් ෆොන්සේකා 31, ලෙස්ටර් ජයවීර 26, නෙත්මින කුමාරසිංහ 72/4)
බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 85
(පුෂ්පිත ජයලත් 22, කසුන් සචින්ත 20, මිතුල් සෙනරත් 13/5, රුවින් ෆොන්සේකා 14/2, සමිඳු දෙනෙත් 17/2)
ද මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 4 ක් දැවී 106
(ලෙස්ටර් ජයවීර 31, ශෙවෝන් කෞෂල්‍ය නොදැවී 28, මිතුල් සෙනරත් 20, ඉමේෂ් අත්තනායක 49/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.