ග්ලේන් මැක්ස්වෙල් (95) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 54) පැවැත්වූ අනගි සම්බන්ධතාව නිසා ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ෂේක් ශයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති දිනයේ පළමු තරගයේදී කිංග්ස් XI, පංජාබ් පිතිකරුවෝ ප‍්‍රබල චෙන්නායි පිලට එරෙහිව කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 205 ක් රැස්කළ අතර පංජාබ් පිතිකරුවෝ ලකුණු 206 ක ඉලක්කය ඕවර 18.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සහ දකුණු අප‍්‍රිකානු පිතිකරු ඬේවිඞ් මිලර් සිවුවැනි කඩුල්ලට පන්දු 63 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්වමින් චෙන්නායි ජයග‍්‍රහණය උඳුරා ගැනීමට සමත් වූහ.
ග්ලේන් මැක්ස්වෙල් පන්දු 43 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 95 ක් ලබා සිවුවැනි කඩුල්ල ලෙස දැවී යන විට සෙසු පිතිකරුවන්ට පහසු ඉලක්කයක් සකස් වී තිබුණි.
ඬේවිඞ් මිලර් පන්දු 37 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගතකරමින් නොදැවී ලකුණු 54 ක් රැස් කළේය.
චෙන්නායි පිලේ නායකයා ලෙස ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ද, කිංග්ස් XI, පංජාබ් පිලේ නායකයා ලෙස ඕස්ටේ‍්‍රලියානු නායක ජෝජ් බේලි ද, කටයුතු කළහ.
කිංග්ස් XI, පංජාබ් සංචිතයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ඇතුළත්ව සිටිය ද මෙම තරගයට ක‍්‍රීඩා නොකළේය.
පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිලේ ආරම්භක පිතිකරුවන් වන ඞ්වේන් ස්මිත් (66) සහ බ්‍රෙන්ඩන් මැකලම් (67) වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 76 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක් පවත්වූහ.
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 45 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය.
ඞ්වේන් ස්මිත් පන්දු 43 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 66 ක් රැස් කළේය.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ඞ්වේන් ස්මිත් 66, බ්‍රෙන්ඩන් මැකලම් 67, සුරේෂ් රයිනා 24, මහේන්ද්‍ර සිං දෝනි 26, ලක්‍ෂිමිපති බලාජි 43/2)
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 18.5 කදී කඩුලූ 4 ට 206 (විරේන්ද්‍ර සෙවැග් 19, ඬේවිඞ් මිලර් නොදැවී 54, ග්ලේන් මැක්ස්වෙල් 95, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 41/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.