අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරගයදී එන්.සි.සී ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 94 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ඊයේ (09 වැනිදා) සමත්විය.
එන්.සි.සී දෙවැනි ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගත් මාලින්ද පුෂ්පකුමාර තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 65 කට කඩුලු 8 ක් දවාගත්තේය. මාලින්ද පුෂ්පකුමාරට අනගි සහයක් ලබාදුන් සචිත්‍ර සේරසිංහ ලකුණු 69 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත්විය.
ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 122 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද තරගයේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 53 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(කසුන් විඳුර 50, රුක්ෂාන් ප්‍රනාන්දු නොදැවී 38, සචිත්‍ර සේරසිංහ 26, මාලින්ද පුෂ්පකුමාර 20, ලසිත් ඇඹුල්දෙණිය 66/5, ඇන්ජලෝ පෙරේරා 24/2)
එන්.සි.සී - පළමු ඉනිම - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 128
(මහේල උඩවත්ත 46, ළහිරු උදාර 24, සචිත්‍ර සේරසිංහ 21/3, අසිත ප්‍රනාන්දු 30/3, මාලින්ද පුෂ්පකුමාර 40/3)
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 20.2 කදී සියලුදෙනා දැවී ලකුණු 132
(තීක්ෂිල ද සිල්වා 37, ඕෂධ ප්‍රනාන්දු 24, ශෙහාන් ජයසූරිය 21, ලසිත් ඇඹුල්දෙණිය 57/5, ළහිරු කුමාර 40/4)
එන්.සි.සී - දෙවැනි ඉනිම - ඕවර 28 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(සඳුන් වීරක්කොඩි 32, මාලින්ද පුෂ්පකුමාර 25/5, සචිත්‍ර සේරසිංහ 48/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.