කණ්ඩායම් 48ක් සහභාගි වූ ඩයලොග් මාධ්‍ය මිත්‍රත්ව අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශුරතාව විජය පුවත්පත් සමාගම විසින් දිනා ගන්නා ලදී.
කොළඹ ‘සරවණමුත්තු’ ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී ස්වාධීන රූපවාහිනී කණ්ඩායම පරාජය කරමින් විජය ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්හ.
කාල වේලාව හරස් වීම නිසා අවසන් මහ තරගයේ ඉනිම පන්දු ඕවර තුනකට පමණක් සීමා විය.
එහිදී ස්වාධීන රූපවාහිනී කණ්ඩායම කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු 09 ඕවර 2.2 කදී අභිබවා යමින් විජය ක්‍රීඩකයෝ මාධ්‍ය මිත්‍රත්ව කුසලාන දිනාගත්හ.
ඩයලොග් ආසියාටා සමාගම හා ගෲෆ් එම් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලියේ සම තෙවැනි ස්ථානය මව්බිම පුවත්පත් ‘බී’ හා දෙරණ රූපවාහිනී යන කණ්ඩායම් දෙකට හිමි විය.
තරගාවලියේ සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවක් බැගින් ද ඇතුළත් කර තිබුණි.
තරගාවලියේ විශේෂ සම්මාන.
තරගාවලියේ වීරයා - සංජීව රණසිංහ (ස්වාධීන රූපවාහිනී)
දක්‍ෂතම පන්දු යවන්නා - දර්ශන සංජීව (විජය)
දක්‍ෂතම පිතිකරු - සුනෙත් චින්තක (වොයිස් ඔෆ් ඒෂියා)
දක්‍ෂතම පන්දු රකින්නා - තිළිණ කුෂාන් (ස්වාධීන රූපවාහිනී)
|
ඩයලොග් මාධ්‍ය මිත්‍රත්ව කුසලාන දිනාගත් විජය පුවත්පත් සමාගමේ ක්‍රිකට් කණ්ඩායම |
|
අනුශූරතාලාභී ස්වාධීන රූපවාහිනී කණ්ඩායම |
|
ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ අලෙවි ප්‍රධානී අමලි නානායක්කාර මහත්මිය අතින් දක්‍ෂතම පන්දු යවන්නා වූ ජයග්‍රාහී විජය පුවත්පත් කණ්ඩායමේ නායක දර්ශන සංජීව ශූරතා සම්මානය ලබාගත් අයුරු. |
- 223
(ඡායාරූප - ඉන්ද්‍රරත්න බාලසූරිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.