ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විවේචනය කරමින් ජාතික පුවත් පතකට තීරු ලිපියක් ලිව්වේය යන චෝදනාව මත ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩා මාධ්‍යවේදීයකු වන රන්ජන් පරණවිතාන මහතාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයට ඇතුළු වීම තහනම් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නියෝගයක් නිකුත් කරනු ලැබ තිබිණ. විජය පුවත්පත් සමාගමේම ප‍්‍රකාශනයක් වන ‘අද’ පුවත් පතට පරණවිතාන මහතා සැපයූ ලිපියක් හේතුවෙන් මෙම තහනම පනවා තිබිණ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී ඊයේ (24 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡුාවක් වාර්තා කිරීම සඳහා එහි ගිය රන්ජන් පරණවිතාන මහතාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝගය පෙන්වා සිටි ආරක්‍ෂක නිලධාරියා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන පරිශ‍්‍රයට ඇතුළත් වීමට ඔහුට අවසර නොදුන්නේය. එහෙත් මෙම පුවත් පත් සාකච්ඡාවට සහභාගි වීම සඳහා රන්ජන් පරණවිතාන මහතාට ආරාධනා පත‍්‍රයක් තිබූ හෙයින් එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පසුව රන්ජන් පරණවිතාන මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේ පැවැති පුවත් පත් සාකච්ඡාවට සහභාගි වූ අතර අදාළ නියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහකාර ලේකම් හිරන්ත පෙරේරා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් පරණවිතාන මහතාට කණගාටුව ප‍්‍රකාශ කර සිටියේය.
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීයකු මෙන්ම ප‍්‍රවීණ කි‍්‍රකට් පුහුණුකරුවකුද වන පරණවිතාන මහතා මේ වන විටත් බදුරලිය කි‍්‍රකට් සමාජයේ කි‍්‍රකට් ලේකම්වරයාද වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.